01

E   |     |  

 දිනය: 2021-12-09   පිළිතුර ලබා දී ඇත 

1233/2021: Issues in Archaeological sites in Northern province

1233/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      උතුරු පළාතේ පිහිටා ඇති පුරාවිද්‍යා ස්ථානවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

             (ii)      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් පත්‍ර මඟින් අත්පත් කර ගෙන ඇති උතුරු පළාතේ ඉඩම් ප්‍රමාණය, එම ඉඩම් පිහිටා ඇති ප්‍රදේශ සහ එම ඉඩම් අත්පත් කර ගන්නා ලද වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියා-උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙඩුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටා ඇති ආදිලිංකේෂ්වර් කෝවිලේ හින්දු භක්තිකයන් විසින් පුරාණ කාලයේ සිට ආගමික වතාවත් පවත්වන බවත්;

(ii) එහෙත් ඉහත සඳහන් කෝවිලේ වාර්ෂික උත්සවය පැවැත්වීම පසුගිය අවුරුදු 2ක පමණ කාලයක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇති බවත්;  

එතුමා දන්නෙහිද?

(ඇ) ඉදිරියේදී ඉහත සඳහන් කෝවිලේ වාර්ෂික උත්සවය පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද? 

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-12-09

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks