පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-26
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
විවිධ හිරිහැරවලට ලක්වූ, නියමිත පරිදි වැටුප් නොලැබුණු, සේවා කාලය අවසන් කරන ලද ආදී විවිධ ගැටලුවලට මුහුණ දී හෝ ලංකාවට ඒමට අපේක්ෂාවෙන් සිටින කාන්තා විගමනික ශ්‍රමිකයන්හට රැකවරණය හා ආරක්ෂාව සලසා දීම උදෙසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රටවල් 08ක පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10ක - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හා ඩුබායි, සවුදි අරාබියේ රියාද් සහ ජෙද්දා, ජෝර්දානය, කුවේට්, ලෙබනන්, ඕමාන්, සයිප්‍රස් සහ කටාර් යන දූත මණ්ඩලවල- සුරක්ෂා නිවාස පවත්වා ගෙන යනු ලබයි.
(ii) පවත්වා ගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල පහසුකම් සැපයීමට ප්‍රමාණවත් ඉඩකඩ පවතී. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉඩකඩ ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදී තාවකාලික නවාතැන් පහසුකම් සැපයීම සඳහා විකල්ප ස්ථාන ලබා ගැනීමට ඕමාන්, කුවේට් සහ සයිප්‍රස් යන තානාපති කාර්යාල වෙත අමතර මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත. පසුගිය කාලය තුළ එසේ මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති තොරතුරු ඇමුණුම I යටතේ දක්වා ඇත.
(iii) සිටින පිරිස් ප්‍රමාණයට ඉඩකඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවල දී අදාළ දූත මණ්ඩලවල ඉල්ලීම මත අතිරේක ඉඩ ප්‍රමාණ ලබා ගැනීමට අනුමැතිය ලබා දීම තුළින් එම ගෘහ සේවිකාවන්හට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීමට උපරිම වශයෙන් කටයුතු කර ඇත. මෙම නිවාස පිහිටුවා ඇත්තේ අසරණභාවයට පත් වන ගෘහ සේවිකාවන්ට රැකවරණය හා ආරක්ෂාව ලබා දීම සඳහා ය.
(ආ) (i) 2021.07.05 දින වන විට සුරක්ෂා නිවාසවල රැඳී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංඛ්‍යාව 69ක් වන අතර, එක් එක් දූත මණ්ඩල අනුව වෙන් වෙන් වශයෙන් මෙම වසරේ මාර්තු 01, ජුනි 15 සහ ජූලි 05 දිනට රැඳී සිටින ගෘහ සේවිකාවන් පිළිබඳ විස්තර පහතින් දක්වා ඇති අතර, ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇමුණුම II යටතේ දක්වා ඇත.
|
දූත මණ්ඩලය |
2021.03.01 දිනට රැඳී සිටි සේවිකාවන් සංඛ්‍යාව |
2021.06.15 දිනට රැඳී සිටින සේවිකාවන් සංඛ්‍යාව |
2021.07.05 දිනට රැඳී සිටින සේවිකාවන් සංඛ්‍යාව |
|
අබුඩාබි |
1 |
2 |
2 |
|
සයිප්‍රස් |
0 |
0 |
0 |
|
ඩුබායි |
25 |
34 |
31 |
|
ජෙඩ්ඩා |
12 |
44 |
4 |
|
ජෝර්දානය |
2 |
2 |
0 |
|
කුවේට් |
64 |
5 |
0 |
|
ලෙබනන් |
1 |
1 |
0 |
|
ඕමානය |
35 |
27 |
27 |
|
කටාර් |
7 |
2 |
1 |
|
රියාද් |
10 |
5 |
4 |
|
එකතුව |
157 |
122 |
69 |
ඇමුණුම I සහ II සභාගත* කරමි.
ඒ අනුව, ඉහත අවස්ථා 3 යටතේ වූ දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වනුයේ එක් එක් රටවල පවත්නා තත්ත්වය සහ ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ විවිධ පියවර හේතුවෙන් මෙම සුරක්ෂා නිවාසවල රැඳී සිටින සේවිකාවන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ක්‍රමිකව අඩු වන ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවයි.
(ii) විගමනික සේවකයන් ද ඇතුළුව සියලු ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන්නේ කොවිඩ්-19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වේ. මේ සඳහා විදේශ අමාත්‍යාංශය, විදේශ දූත මණ්ඩල හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය දායකත්වය ලබා දී ඇත. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ධාරිතාව හා ප්‍රමුඛතා ලැයිස්තුව අනුව ඔවුන් ගෙන්වා ගැනීම සිදු කරනු ලබයි.
ඒ යටතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගත් හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිර්දේශ කරන ලද හෝටල් හෝ නවාතැන් මධ්‍යස්ථාන 14ක විගමනික ශ්‍රමිකයන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම් ලබා දී නිරෝධායනය වීම සඳහා පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත. ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් ඩුබායි සුරක්ෂා නිවසේ රැඳී සිටි විගමනික ශ්‍රමිකයන් 25දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කළ අතර, ඔවුනට නිරෝධායන පහසුකම් ලබා දී ඇත. මීට අමතරව සවුදි අරාබියාව හා ඕමානය යන ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සුරක්ෂා නිවාසවල රැඳී සිටි තවත් 21දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇත. දැනට පවතින ගුවන් තොටුපොළ සීමා ලිහිල් කිරීමෙන් පසු සුරක්ෂා නිවාසවල තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙරටට ගෙන්වීමට කටයුතු කරනු ඇත.
(ඇ) පැන නොනඟී.
* පුස්තකාලයේ තබා ඇත.
* நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2021-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks