01

E   |     |  

 දිනය: 2021-03-25   පිළිතුර ලබා දී ඇත 

0997/2021: අධ්‍යාපන විද්‍යා පීඨවල ඩිප්ලෝමාධාරින්: ගුරු පත්වීම් ලබාදීම

----

අසන ලද දිනය

2021-03-25

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2016 - 2018 අධ්‍යයන වර්ෂයට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා නිම කළ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3,730ක් සඳහා 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ           3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දී ඇත.

                        මෙම කණ්ඩායමට අදාළ ඌන සාමාර්ථලාභීන් සඳහා විභාගය පවත්වා, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රතිඵල ලේඛනය මෙම අමාත්‍යාංශයට ලබා දුන් පසු එම ඌන සාමාර්ථලාභීන් අතරින් විභාගය සාර්ථකව සමත් වන පිරිස සඳහා පත්වීම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

2017 - 2019 අධ්‍යයන වර්ෂයට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කරගත් සංඛ්‍යාව 4,547ක් වේ. කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම කණ්ඩායමට අදාළ අවසන් විභාගය මෙතෙක් පවත්වා නොමැති අතර, මෙම විභාගය මාර්ගගත ක්‍රමයට හෝ පැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් පවතී.

එම විභාගය පවත්වා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ප්‍රතිඵල ලේඛනය මෙම අමාත්‍යාංශයට ලබා දුන් පසු සමත් වන පිරිසට මෙම වසර තුළ ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ii) දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ප්‍රාථමික හා 6-11 ශ්‍රේණිවල පවතින ගුරු පුරප්පාඩු පමණක් ජාතික අධ්‍යාපන විධ්‍යාපීඨවල පාඨමාලාවන් සාර්ථකව හදාරා නිම කරන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින්ගෙන් සම්පූර්ණ කරනු ලැබේ.

එසේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමෙන් පසු ඉතිරි වන අනෙකුත් පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව උපාධිධාරින් හා සෙසු ඩිප්ලෝමාධාරින්ගෙන් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

එසේම දැනට පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉදිරියේ දී ජාතික වැඩසටහනක් මඟින් උපාධිධාරින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

(ආ) ඉහත (අ) (i) හි දක්වා ඇති පරිදි කටයුතු කරනු ලැබේ.  ඒ අනුව, ගුරු හිඟය පියවීම සඳහා උපධිධාරින් ලබා දීමට කටයුතු කරනවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks