පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-07
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විදුලි සැපයුමෙහි ගුණාත්මකභාවය ආරක්ෂාව සහ විශ්වසනීයභාවය තවදුරටත් වැඩිදුයුණු කිරීම සඳහා විදුලි සැපයුම් කේබල් යොදා ගනු ලබයි.
(ii) මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කේබල් මඟින් විදුලි සැපයුම් ලබා දීමට වැය වන පිරිවැය පමණක් අය කර ගනු ලබන බව දන්වා ඇත.
කේබල් යොදා විදුලි සැපයුම් ලබා දීම, කණු සිටුවා විදුලි සැපයුම් ලබා දීමට වඩා පිරිවැය මඳක් වැඩි වුවද, ඉන් පාරිභෝගිකයාට විශාල ප්‍රතිලාභයක් ලැබෙයි. තවද, කේබල් මඟින් විදුලි සැපයුම් ලබා දීම නාගරික ජනයාගේ ආරක්ෂාවට උපකාරී වනවා මෙන්ම සහ විදුලිය කාන්දු වීමෙන් සහ අපතේ යෑම වළක්වා ගැනීමට ද උපකාර වෙයි.
(iii) කොළඹ නගරය තුළ අඩු ආදායම්ලාභින් සහ මධ්‍යම පාන්තික පවුල් වෙසෙන බොහොමයක් ප්‍රදේශවල විදුලි සැපයුම්, කණු සිටුවා කණු මත අදිනු ලබන කම්බි මඟින් ලබා දීමට කටයුතු කරන අතර එබැවින්, කේබල් මඟින් විදුලි සැපයුම් ලබා දීම අඩු ආදායම්ලාභි සහ මධ්‍යම පාන්තික පවුල් සඳහා අවම බලපෑමක් ඇති කරයි.
තවද, හඳුනා ගත් අඩු ආදායම්ලාභින් සඳහා කිසිදු අය කිරීමකින් තොරව විදුලි සැපයුම් ලබා දීම සිදු කරනු ලබන අතර, මේ වනවිට කොළඹ නගරයේ එවැනි නිවාස 248ක් හඳුනාගෙන ඇත. නිවෙස් තතැඳුම් කර ඇති නිවාස 158ක් සඳහා නොමිලේ විදුලි සැපයුම් ලබා දීමට කටයුතු කර ඇත. අනෙකුත් නිවාසවලටද නිවාස තතැඳුම් අවසන් කරන ලද විගසම නොමිලේ විදුලි සැපයුම් ලබා දීමට කටයුතු සලස්වා ඇත.
(ආ) (i), (ii), (iii) 2021 අය වැය යෝජනා මත අඩු ආදායම්ලාභි, විදුලිය නොමැති නිවාස සඳහා නොමිලේ විදුලිය ලබා දෙන 'සැමට විදුලිය 2021' වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks