01

E   |     |  

 දිනය: 2021-11-29   පිළිතුර ලබා දී ඇත 

0981/2021: Issues related to livestock, grassland and livestock farmers in Mannar

981/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ )     ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05කින් සමන්විත මන්නාරම දිස්ත්‍රික්කයේ ගව පාලන කටයුතුවල නිරතවන ගොවීන් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මන්නාරම දිස්ත්‍රික්කය තුළ ගව පාලනය සඳහා ප්‍රමාණවත් පරිදි තෘණ භූමි නොමැති වීම හේතුවෙන් ආහාර හිඟතාවයෙන් එම සතුන් මරණයට පත්වන බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු සිදු කරන කාල වකවානුව තුළ ගවයන් සඳහා තෘණ භූමි අහිමිවන බැවින් එම කාලයේදී ගව පාලනයේ නිරතවන ගොවීන්ට සිය ගවයන් රැගෙන යා හැකි වෙනත් ප්‍රදේශ කවරේද;

(ii) මන්නාරම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ තෘණ භූමි සඳහා ඉඩම් වෙන් කිරීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, එය ක්‍රියාත්මක කරනු ලබන කාල වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-29

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks