01

E   |     |  

 දිනය: 2021-12-03   පිළිතුර ලබා දී ඇත 

0976/2021: Details of shopping complex and shops in Digana

976/2020

ගරු වේලු කුමාර් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වික්ටෝරියා ජල විදුලි යෝජනා ක්‍රමය සඳහා වික්ටෝරියා ජලාශය ඉදිකරන ලද අවස්ථාවේදී එවකට තෙල්දෙණිය නගරය එයට යට වූ බවත් ;

             (ii)       එයට විකල්පයක් ලෙස දිගන, රජවැල්ල උතුර, අංක 696 ග්‍රාම නිලධාරි වසමේ දිගන, රජවැල්ල නව නගරය ස්ථාපිත කරන ලද බවත්;

(iii) එම නගරය පසු කාලීනව විවිධ පුළුල් කිරීම් හා වෙනස්කම්වලට භාජනය වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) එම නගරය ස්ථාපිත කරන ලද මුල් අවස්ථාවේදී, එහි ඉදිකරන ලද ව්‍යාපාරික  ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට එම නගරයේ පවතින ව්‍යාපරික ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iii) ඒ අතරින් බලපත්‍ර ලබා දී ඇති ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iv) බලපත්‍ර නොමැති ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(v) බලපත්‍ර නොමැති ව්‍යාපාරික ස්ථාන සඳහා බලපත්‍ර ලබාදීමට පියවර ගන්නේද;

(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?‍

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-12-03

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks