පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-23
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත දත්තයන්ට අනුව, 2019 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතය සියයට 6.6ක් වේ. කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැකියා වියුක්ති අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරනු නොලැබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජන හා නිවාස සංගණනයේදී ප්‍රාදේශීය මට්ටමින් දත්ත ලබා ගැනීමට සැලසුම් කර ඇත.
(ii) අතිගරු ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරින් බඳවා ගැනීම සහ උසස් පෙළ විභාගය සමත්, සාමාන්‍ය පෙළ විභාගය සමත් හා සාමාන්‍ය පෙළ විභාගය අසමත් පිරිස්වල විරැකියාව අඩු කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ සඳහා රජයේ ප්‍රතිපත්ති රාමුවේ රජයේ විවිධ අංශ තුළින් රැකියා ජනනය කිරීමට සහ එකී අංශයන්ට අදාළ වන පරිදි නිපුණතා සංවර්ධනය සඳහා රජය විවිධ වැඩ පිළිවෙළ රාශියක් හඳුනාගෙන ඇති අතර, රජය මඟින් සහනදායි පොලී අනුපාත යටතේ ස්වයං රැකියාලාභීන්ට සහ නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා මූල්‍ය ආයතන මඟින් දැනටමත් වැඩසටහන් රාශියක් හඳුනාගෙන, ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යවසායකයින් සඳහා සහනදායි පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇත. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කය පාදක කරගත් විවිධ ව්‍යාපෘති රාශියක් විවිධ අංශ (ප්‍රවාහන, නාගරික සංවර්ධන, කෘෂි ව්‍යවසාය) තුළින් ආරම්භ කර ඇති අතර, එමඟින් රැකියා අවස්ථා බිහි කිරීමට කටයුතු යොදා ඇත.
(iii) • රැකියා වියුක්තිය අඩු කිරීම.
• ආදායම ඉහළ නැංවීම.
• දුප්පත්කම තුරන් කිරීම.
• රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම.
• නිෂ්පාදන ඉහළ නැංවීම.
• විදේශ විනිමය ඉපයීම් වර්ධනය කිරීම.
(iv) 2019.12.31 දින වන විට උපාධිය සපුරා ඇති උපාධිධාරින් සංඛ්‍යාව අතුරින් පළමු අදියර යටතේ උපාධිධාරින් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇති අතර, දැනට ඉන් 49,448ක් සේවා ස්ථානවලට අනුයුක්ත කර ඇත. එයින් 45,093ක් සේවයට වාර්තා කර ඇත. ඉන් 3,661ක් මහනුවර දිස්ත්‍රික්කයට අනුයුක්ත කර ඇති අතර, එයින් 3,368ක් වැඩ භාර ගෙන තිබේ. දෙවන අදියර යටතේ උපාධියට නොගැළපෙන රැකියාවක නිරත වීම යන පදනම යටතේ උපාධිධාරින් 10,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ඒ අතරින් සුදුසුකම් සම්පූර්ණ කළ 7,881ක් 2021.02.01 දින සේවා ස්ථානවලට අනුයුක්ත කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඉන් 572ක් මහනුවර දිස්ත්‍රික්කය සඳහා අනුයුක්ත කෙරේ. තවද, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් විදෙස් රටවල උපාධි සම්පූර්ණ කර ඇති උපාධිධාරින් අතරින් අයදුම් කර ඇති 4,096කගේ ඉදිරි කටයුතු සඳහා තොරතුරු එකතු කරමින් පවතී.
මීට අමතරව, පහත සඳහන් වැඩ පිළිවෙළ මඟින් උසස් පෙළ විභාගය සමත්, සාමාන්‍ය පෙළ විභාගය සමත් හා සාමාන්‍ය පෙළ විභාගය අසමත් පිරිස්වල විරැකියාව අඩු කිරීමට කටයුතු කරනු ලැබේ.
i. සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් ලක්ෂයකට (100,000) රැකියා ලබා දීම.
මෙම වැඩසටහන යටතේ සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. ඒ අනුව දැනට 34,548දෙනෙකු සඳහා පත්වීම් ලබා දී ඇති අතර, ඉන් 34,017දෙනෙකු පුහුණුව සඳහා වාර්තා කර ඇත. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ 2,161ක් සඳහා පත්වීම් ලබා දී ඇති අතර, ඉන් 2,090ක් පුහුණුව සඳහා වාර්තා කර ඇත.
ii. සංචාරක කර්මාන්තය දියුණු කිරීම.
රජයේ දිගු කාලීන ආර්ථික ඉලක්ක අනුව දැනට මිලියන 2.3ක්ව පවතින සංචාරකයින්ගේ පැමිණීම 2030 වන විට මිලියන 7 දක්වා වැඩි කිරීමටත් ඒ තුළින් උපයන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 4 සිට ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි කිරීමටත් බලාපොරොත්තු වේ. සංචාරක කර්මාන්තය ආශ්‍රිත වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු ආරම්භ කර ඇත. සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් සංඛ්‍යාව මිලියනය දක්වා වැඩි කිරීම තුළින් ඉහළ රැකියා ප්‍රමාණයක් බිහි කිරීමට අපේක්ෂිතය. එමඟින් සංචාරක පුරවරයක් වන මහනුවර දිස්ත්‍රික්කය තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව රැකියා උත්පාදනය වනු ඇත.
iii. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම.
පසුගිය වසර කිහිපයේ ක්‍රියාත්මක වූ සංකීර්ණ බදු ප්‍රතිපත්ති හා බැංකු නීති-රීති නිසා රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල කඩා වැටීමකට ලක් වූ අතර, නව රජයේ ප්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍යයේ දැක්ම තුළින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව දැනටමත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම සඳහා රජය විසින් බදු සහන ලබා දී ඇත. එසේම වසා දමා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ගොඩනැංවීමටත්, පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීමටත්, නව ව්‍යාපාර ආරම්භ කිරීමටත් රජය විශේෂ සහනදායි වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව, 2021 අය වැය ප්‍රතිපාදන යටතේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා;
• සාම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට සුවිශේෂ වූ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම.
• උපදේශක සේවා ලබා දීම හා කර්මාන්තපුර පිහිටුවීම සඳහා රුපියල් මිලියන 4,000ක් ලබා දීම.
• සමෘද්ධි බැංකු විසින් රාජ්‍ය බැංකුවල සහභාගීත්වය ඇතිව රුපියල් මිලියන 80,000ක් පමණ වන ඉතුරුම් යොදා ගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා යෝජිත ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම.
• සමෘද්ධි කාන්තා වෙළඳ ජාල ශක්තිමත් කිරීම මඟින් කාන්තා ව්‍යවසායකයින් 25,000ක් බිහි කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් ලබා දීම.
• සුළු හා මධ්‍ය පරිමාණ වාණිජමය කෘෂි ගොවි පොළවල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,500ක් ලබා දීම.
• දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගොවීන් දිරිගැන්වීම (සහනදායි ණය කොන්දේසි යටතේ කිරි ගොවීන්ට ගවයින් මිලදී ගැනීම, අභිජනනය, ගව ගාල් ඉදිකිරීම සහ උපකරණ මිලදී ගැනීම) සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ණය පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 2,000ක් ලබා දීම ආදී ලෙස විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම ක්‍රියාමාර්ග ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ සමස්ත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්‍රතිලාභ අත්වන අතර, එම කර්මාන්තවල දියුණුවක් ඇති වේ. ඒ තුළින් ද මහනුවර දිස්ත්‍රික්කයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වේ.
iv. වෘත්තීය පුහුණු අවස්ථා වැඩි කිරීම.
විවිධ ක්ෂේත්‍රයන් සඳහා වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් රජය දැනටමත් විවිධ පියවර ගනිමින් සිටියි. අධ්‍යාපන සුදුසුකම් නොසලකා අවශ්‍ය සිසුන්ට වෘත්තීය හා තාක්ෂණ පුහුණු අවස්ථා ලබා දීම, දැනට පවත්නා සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර මනාව විහිදුණු තාක්ෂණික හා කාර්මික විශ්වවිද්‍යාල විද්‍යායතන පද්ධතියක් ආරම්භ කිරීම, දැනට පවත්නා ජාතික වෘත්තීය සුදුසුකම් වැඩි කිරීම හා ඊට අනුරූපව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව සංශෝධනය කිරීම සමහර පියවරයන් ලෙස දැක්විය හැක. ඒ අනුව, වෘත්තීය පුහුණු අවසන් කර NVQ 3 සිට 7 දක්වා සුදුසුකම් ලැබූ නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකයින් සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ණය පහසුකම් සැපයීමට රුපියල් මිලියන 500ක් 2021 අය වැය ප්‍රතිපාදන යටතේ වෙන් කර තිබේ. මෙසේ වෘත්තීය පුහුණු අවස්ථා තුළින් මහනුවර දිස්ත්‍රික්කයේ ද රැකියා නියුක්තිය ඉහළ නැංවීමට හැකියාව ලැබේ.
v. සුළු අපනයන භෝග සහ කෘෂිකාර්මික භෝග වගාව දියුණු කිරීම.
කුරුඳු, ගම්මිරිස්, කරුංකා ආදි කුළුබඩු නිෂ්පාදන ප්‍රතිඅපනයන තහනම් කර ඇති අතර, බඩඉරිඟු, රටකජු ආනයනය සීමා කර ඇත. මෙවැනි පියවර මඟින් සුළු අපනයන භෝග වගාවල නිරත වන ගොවීන් දිරි ගැන්වීමක් සිදු වන අතර, එම නිෂ්පාදන ඉහළ යයි. තවද, අධි තාක්ෂණික කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා කලාපීය මට්ටමින් සමුපකාර ගොවිපළවල් ඇති කිරීමට බලාපොරොත්තු වේ. මෙම පියවරයන් තුළින් ගොවීන්ගේ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තවල දියුණුවක් ඇති වේ. එමඟින් ද මහනුවර දිස්ත්‍රික්කයේ රැකියා වියුක්තිය අඩු කිරීමට හැකියාව ලැබේ.
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks