පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-21
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මරදාන ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ 2020 වසරේ පවත්වනු ලැබූ වෘත්තීය පුහුණු පාඨමාලා ගණන 46කි. ඇමුණුම 01 යටතේ පාඨමාලා විස්තර ඉදිරිපත් කර ඇත.
(ii) සිංහල මාධ්‍යයෙන් උගන්වනු ලබන සියලුම පාඨමාලා දෙමළ මාධ්‍යයෙන් උගන්වන්නේ නැත.
ඉහත පාඨාමාලා 46න් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාඨමාලා 24ක්ද, සිංහල මාධ්‍යයෙන් පාඨමාලා 20ක්ද, දෙමළ මාධ්‍යයෙන් පාඨමාලා 04ක්ද, කොරියන් භාෂාවෙන් එක් පාඨමාලාවක්ද පවත්වාගෙන යනු ලබයි.
(iii) ඔව්.
සිසුන්ගේ ඉල්ලීම මත දෙමළ මාධ්‍ය පාඨමාලාවන් පවත්වනු ලබන අතර, ජාතික වෘත්තීය සුදුසුකම් NVQ Level 05 සහ 06 ඩිප්ලෝමා පාඨමාලා රජයේ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙනි.
එබැවින් දෙමළ මාධ්‍ය සිසුන්ටද මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාවක් හිමිවේ.
(ආ) (i) මරදාන තාක්ෂණ විද්‍යාලයේ අනුමත ස්ථිර අධ්‍යයන සේවක සංඛ්‍යාව 72කි. ඉන් 47දෙනෙකු 2020 වර්ෂයේදී සේවය කරන ලදී. ඒ අනුව අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සියයට 65ක් සේවය කරනු ලබයි.
එසේම, අනුමත අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 67ක් වන අතර, දැනට සේවයේ යෙදී සිටින සංඛ්‍යාව 46කි. පුරප්පාඩු සංඛ්‍යාව 21කි.
එම විද්‍යාලයේ සේවය කරනු ලබන අධ්‍යයන හා අනධ්‍යයන සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 හි දක්වා ඇත.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
(ii) අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කථිකාචාර්ය තනතුරු ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගනු ලබන අතර, මෙම ව්‍යවස්ථාවේ බඳවා ගැනීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත 2021.03.10 දින ඉදිරිපත් කර ඇත. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය 2021.04.28 දින වන විට ලබාදිය හැකි බව දන්වා ඇත.
ඒ අනුමැතිය ලද විගස බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමි. ශිල්ප ප්‍රදර්ශක පුරප්පාඩු පිරවීම සඳහා අයඳුම් පත් කැඳවීමේ නිවේදනය මැයි මස පළමුවන සතිය තුළ ප්‍රසිද්ධ කර නිලධාරින් බඳවා ගනු ලබයි. රජයේ ප්‍රතිපත්තිය අනුව "පීඑල්" කාණ්ඩයේ තනතුරු සඳහා, එනම් පිළිගැනීමේ නිලධාරි, ක්ෂේත්‍ර සහායක, පරිශ්‍ර පාලක ආදි තනතුරු බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණුව අවසන් කරනු ලබන සේවකයන්ගෙන් බඳවා ගැනීමට වහාම කටයුතු කරනු ලැබේ. සංවර්ධන නිලධාරි තනතුරු පිරවීම සඳහා අවශ්‍ය සංවර්ධන නිලධාරින් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් 2020.12.30 හා 2020.02.03 දිනැති ලිපි මඟින් ඉල්ලීම් කර ඇති අතර, එම නිලධාරින් අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් පවතී. එම නිලධාරින්ගෙන් සංවර්ධන නිලධාරි තනතුරු පිරවීමට කටයුතු කරමි. කළමනාකරණ සේවා නිලධාරි තනතුරු පිරවීම සඳහා 2021 මාර්තු මස පැවැති සීමිත තරග විභාගයෙන් බඳවා ගනු ලබන නිලධාරින් අනුයුක්ත කරනු ලබන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දන්වා ඇත.
• පාඨමාලාවල අධ්‍යයන කාර්යය සඳහා පුරප්පාඩු පැවතුන ද බාහිර උපදේශකවරුන්ගේ සේවය හරහා අධ්‍යයන ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලබයි.
• ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව් අනුමැතිය ලබාගෙන ඇති අතර, පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවීම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරගෙන යනු ලබයි.
• අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks