පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-25
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සඳහා තාක්ෂණ විෂය ධාරාවෙන් පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව 36කි.
(ii) ඔව්. කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සඳහා තාක්ෂණ විෂය ධාරාවෙන් පන්ති පැවැත්වෙන පාසල්වල තාක්ෂණ විෂය ධාරාව ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව, මේ වන විට සිටින ගුරුවරුන් සංඛ්‍යාව සහ මේ වන විට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් පාසල අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 යටතේ දක්වා ඇත.
(ආ) ඔව්.
අපොස (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් හිඟ වීමට බලපාන ලද හේතු මෙසේය. දැනට ගුරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. මෙන්න මේ සාධක තමයි ගුරුවරුන්ගේ හිඟයක් ඇති වීමට හේතු වෙලා තිබෙන්නේ.
· 2013 වර්ෂයේදී ආරම්භ කරන ලද නව විෂය ධාරාවක් වූ අපොස (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව සහ පාසල් සංඛ්‍යාව වර්ධනය වී ඇතත්, 2016 වර්ෂයෙන් පසු එම වර්ධනයට සාපේක්ෂව ගුරු භවතුන් අලුතින් බඳවා ගැනීමට නොහැකි වීම.
· වෘත්තීයමය පසුබිමක් සහිත විෂය ධාරාවක් වීම හේතුවෙන් බඳවා ගනු ලැබූ උසස් ඩිප්ලෝමාධාරී ගුරු භවතුන් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව සහිත වූවන් වීමත්, ගුරු සේවයේ 3 - II පන්තියේ අවම වැටුපකට සේවය කිරීමට ඇති අකැමැත්ත හේතුවෙන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු වීම පිණිස ගුරු සේවයෙන් ඉවත්ව යෑම.
· ස්ථාන මාරු ප්‍රතිපත්තිය මත ගුරු භවතුන් ස්ථාන මාරු කිරීමේදී දැනට සේවය කරනු ලබන පාසලින් ඉවත් වීමට හෝ නව සේවා ස්ථානයට යෑමට ඇති අකැමැත්ත හේතුවෙන් ස්ථාන මාරු අවස්ථාවලදී සේවයෙන් ඉවත්ව යෑම.
· තාක්ෂණ හා කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණ සහතික පත්‍රලාභින් - NCT - ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අවම සුදුසුකම් නොමැති වීම හේතුවෙන් ගුරු සේවයට බඳවා ගත නොහැකි වීම.
කෙසේ වුවත්, අපොස (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාවේ පවත්නා ගුරු පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම පිණිස ජාතික තාක්ෂණික සහතික පත්‍රලාභින් මෙම විෂය සඳහා බඳවා ගැනීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අදාළ බඳවා ගැනීම් සිදු කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇත. (අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශය ඇමුණුම 02 යටතේ ද, අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 03 යටතේ ද දක්වා ඇත.)
අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කටයුතු කරන ලෙස දන්වා ඇත. ඒ අනුව ඉදිරි කටයුතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ 2020.11.18 දිනැති ලිපිය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර (ඇමුණුම 04), ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. (ඇමුණුම 05)
ඇමුණුම් 01, 02, 03, 04 සහ 05 සභාගත* කරමි.
අපොස (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද ප්‍රථම සිසුන් කණ්ඩායම තාක්ෂණික උපාධිධාරින් වශයෙන් විශ්වවිද්‍යාලවලින් පිටවීමට නියමිත අතර, සේවා අවශ්‍යතාව මත එම උපාධිධාරින්ගෙන් හා උසස් තාක්ෂණ ඩිප්ලෝමාව - NDT -, තාක්ෂණ ඩිප්ලෝමාව - DT -, ජාතික සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාව - NDES - වැනි සහතික පත්‍ර දරන්නන් අතරින් තාක්ෂණවේදය විෂය ධාරාවේ ගුරු අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට සැලසුම් කර ඇත.
මේ පියවර සියල්ලක්ම අපි අරගෙන තිබෙනවා. එම නිසා ඉතා ඉක්මනින් ඒ පුරප්පාඩු සම්පූර්ණ කරන්න ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අපි දියත් කරනවා, ගරු මන්ත්‍රීතුමනි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks