පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-24
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2020 වර්ෂයේදී ආරම්භ කරන ලද "ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස ආධාර වැඩසටහන යටතේ නිවාස 9,972ක් ඉදිකිරීම ආරම්භ කර වැඩකටයුතු අවසන් වෙමින් පවතිනවා. ඊට අදාළ ග්‍රාම නිලධාරි වසම් ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(iii) මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන්ම පැල්පත්වල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ඉදිකර දීම සිදුකරන අතර, අනිකුත් නිවාස අවශ්‍යතා සඳහා ද නිවාස ලබා දීම කෙරෙහි අවධානය යොමුකර දැනටමත් එය ක්‍රියාත්මක වනවා.
(iv) සෑම මැතිවරණ කොට්ඨාසයකටම නිවාස 100 බැගින් යුත් "සියපත නිවාස ව්‍යාපෘතිය" මේ වනකොට ආරම්භ කර ඒ තුළ සියලු කටයුතු කෙරීගෙන යනවා. මේ තුළින් නිවාස අවශ්‍යතාව ඇති මැදි ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ලබාදීම සිදු කෙරෙනවා.
ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව කුලී නිවැසියන් වෙනුවෙන් අවම මිලකට මහල් නිවාස ඉදිකරදීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වනවා. ඊට අවශ්‍ය විශේෂඥ දැනුම අරගෙන NERD වැනි ආයතන සම්බන්ධ කර ගෙන සෑම මැතිවරණ කොට්ඨාසයකම එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු අප සූදානම් කර තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks