පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) ඔව්.
මෙම තත්ත්වය තුළ සංගම්වල තොරතුරු යාවත්කාලීන කිරීමේ ගැටලු පැවතිණ. විශේෂයෙන් මෙම සංගම් දිවයිනේ දිස්ත්‍රික් විසිපහේම පැවැති නමුත් සියලු දිස්ත්‍රික් ආවරණය වන ලෙස දෙපාර්තමේන්තුවේ නිලධාරින් නොමැති වීම, මෙම සංගම්වලින් තොරතුරු කැඳවන ලද නමුත් ප්‍රතිචාර නොදැක්වීම යනාදී කරුණු මත තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතුවල ප්‍රමාද පැවතිණ.
ප්‍රධාන වශයෙන් ඇතැම් ලියා පදිංචි සංගම්වලට විදේශාධාර ලැබෙන බවට ආරක්ෂක අංශ විසින් විමසීම් කරන ලද අතර, එම තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොපැවතීම පිළිබඳව ද ප්‍රශ්න කිරීම් කරන ලදී. පවතින තත්ත්වය තුළ සංගම්වලින් ගිණුම් තොරතුරු විමසීමේදී එම තොරතුරු දෙපාර්තමේන්තුවට ලබා නොදෙන ආයතනවලට එදිරිව කටයුතු කිරීමට ද දෙපාර්තමේන්තුවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත.
මෙම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචිව තිබූ සංගමයක දේපළ සම්බන්ධව ත්‍රිකුණාමලය සිවිල් අභියාචන මහාධිකරණ නඩු අංක EP/HCCA/TRN/FA/215/17 යන නඩුවට අදාළ 2018.09.27 දිනැති තීරණය මඟින් දක්වා ඇති පරිදි ස්වේච්ඡා සංගම් ලියා පදිංචි කිරීම සංවිධාන ආඥා පනත හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ සමාගම් පනත යටතේ සිදු කළ හැක. 2018.09.27 දිනැති එම තීරණය ඇමුණුම II ලෙස නම් කරමි.
තවද, මෙම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි අදාළ සංගම් වකූෆ් පනතේ 25 (1) වගන්තිය යටතේ වකූෆ් සභාවේ නියෝගය සහිතව පමණක් නඩු කටයුතුවලට එළැඹිය යුතු බව දක්වා ඇත. මෙම නඩු තීන්දුව පිළිබඳව එවකට වකූෆ් සභාව වෙත දන්වා යවන ලදුව, මෙම දෙපාර්තමේන්තුව යටතේ ලියා පදිංචි සියලුම ආයතන වකූෆ් පනත යටතේ නියාමනයට යටත් කළ හැකි ලෙසින් වකූෆ් පනත යටතේ ලියා පදිංචි කරන ලෙසට වකූෆ් සභාව විසින් අංක WB/8206/2019 හා 2019.01.17 දිනැති තීරණයෙන් දැනුම් දෙන ලදී. එම තීරණය ඇමුණුම III ලෙස නම් කරමි.
ඒ අනුව, සියලු සංගම්වල දෙපාර්තමේන්තු ලියා පදිංචිය අවලංගු කරන බවටත්, එම සංගම් වකූෆ් පනත යටතේ පුණ්‍යාභාර ලෙසට ලියා පදංචි කරන ලෙසත් දක්වමින් සියලු සංවිධාන වෙත 2019.09.23 දිනැතිව ලිපියක් යොමු කරන ලදී. එහිදී පුණ්‍යාභාර ලෙස ලියා පදිංචි කිරීම සඳහා වන අයදුම්පත් ආකෘතියද යොමු කරන ලදී. 2019.09.23 දිනැති ලිපිය ඇමුණුම IV ලෙස නම් කරමි.
එහිදී ඇතැම් සංගම් ක්‍රියාත්මක නොවන බවට ලද තොරතුරු මත එම සංගම්වල ලියා පදිංචිය අවලංගු කරන ලද අතර, සෙසු සංගම්වලට එලෙස වකූෆ් පනත යටතේ ලියා පදිංචිය සඳහා වර්ෂයක කාලයක් ලබා දීමෙන් පසු 2020.08.18 දිනැති ලිපිය මඟින් මෙම දෙපාර්තමේන්තු ලියා පදිංචිය අවලංගු වන බව හා කිසිදු ලෙසකින් මෙම දෙපාර්තමේන්තු ලියා පදිංචි අංකය භාවිත නොකළ යුතු බවට ද දන්වන ලදී. 2020.08.18 දිනැති ලිපිය ඇමුණුම V ලෙස නම් කරමි.
ඇමුණුම් II, III, IV, V සභාගත* කරමි.
කෙසේ වුවද, මෙසේ අවලංගු කළ සංගම් අතරින් කිහිපයක් පමණක් වකූෆ් පනත යටතේ ලියා පදිංචියට අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇති අතර, සංගම් බොහොමයක් සමාගම් පනත යටතේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ලෙස හෝ ලියා පදිංචිය සහිත බව තොරතුරු පරීක්ෂා කිරීමේදී පෙනී යයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks