පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-09-22
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනුවත්ය.
(ii) දැනුවත්ය.
(ආ) (i) මේ වනවිට වවුනියාව දිස්ත්‍රික්කයේ ජීවත්වන පවුල් අතරින් පිරිසිදු පානීය ජල පහසුකම් සහිත පවුල් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.
|
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජලය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව |
10.1% |
|
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ජලය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව |
2% |
|
එකතුව |
12.1% |
ඉහත තත්ත්වය ඉතා දුර්වල තත්ත්වයක් බව මම පිළිගන්නවා. නමුත්, ඉදිරි කාලයේදී මෙන්න මේ විධියට තත්ත්වය වෙනස් වෙනවා.
(ii) වවුනියාව දිස්ත්‍රික්කයේ මුළු ග්‍රාම නිලධාරි වසම් ගණන 102ක් වන අතර, ග්‍රාම නිලධාරි වසම් 26ක වෙසෙන ජනතාවට මේ වනවිට පානීය ජල පහසුකම් ලබා දී තිබෙනවා.
එම ග්‍රාම නිලධාරි වසම් 26ට හා ආවරණය කර නොමැති ප්‍රදේශ ද ඇතුළුව සමස්ත දිස්ත්‍රික්කයටම පානීය ජල පහසුකම් ලබා දීමට විසල් වවුනියාව ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් සැලසුම් කර තිබේ.
විසල් වවුනියාව ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා පහළ මල්වතු ඔය ජලාශයෙන් දිනකට ජලය ඝන මීටර් 35,200ක් ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී ඇත. පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කර ඇති අතර, එය 2024 වනවිට නිම කිරීමට නියමිතය. ඒ අනුව, විසල් වවුනියාව ජල සම්පාදන ව්‍යාපෘතිය 2022-25 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් වවුනියාව දිස්ත්‍රික්කයට පානීය ජල පහසුකම් ලබා දීම සඳහා පහත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත.
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමලන්කුලම් ග්‍රාම නිලධාරි වසම සහ වෙන්ගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකාඩු ග්‍රාම නිලධාරි වසමෙහි ප්‍රජා ජල අභිමානි නව ව්‍යාපෘති 02ක් ආරම්භ කිරීම. එය ඉදිරි කාලයේදී -මේ අවුරුද්දේ- පටන් ගන්නවා. ඒ වාගේම තිබෙන ඒවා අලුත්වැඩියා කරනවා.
පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති 09ක් පහත ග්‍රාම නිලධාරි වසම් තුළ ආරම්භ කිරීම.
|
අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි වසම |
|
01 |
වවුනියාව දකුණ |
පෙරියාලුකුලම් |
|
02 |
වවුනියාව දකුණ |
මාමඩුව |
|
03 |
වවුනියාව දකුණ |
අග්බෝපුර |
|
04 |
වවුනියා |
ආසික්කුලම් |
|
05 |
වවුනියා |
ඕමන්තෙයි |
|
06 |
වවුනියා |
සලාම්පායිකුලම් |
|
07 |
වෙන්ගලචෙට්ටිකුලම් |
මාන්කුලම් |
|
08 |
වෙන්ගලචෙට්ටිකුලම් |
පිරමාණලන්කුලම් |
|
09 |
වෙන්ගලචෙට්ටිකුලම් |
කන්තසාමි නගර් |
• වවුනියාව, වවුනියාව උතුර, වවුනියාව දකුණ සහ වෙන්ගලවෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යටතේ ව්‍යාපෘති 50ක් ආරම්භ කර ඇත. ඒ කියන්නේ, RO plants සවි කරනවා.
(iii) ආසික්කුලම් ප්‍රදේශය, දැනට වවුනියාව දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දෙන වවුනියාව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ආවරණ කලාපයෙන් බැහැරව පිහිටා ඇති අතර, එහි ජල නල දිගු කිරීම් මඟින් එම ප්‍රදේශයට ජලය ලබා දීමට ප්‍රමාණවත් තරම් ධාරිතාවක් හා පීඩනයක් නොමැත. එම නිසා එයින් ජල දිගුවක් ලබා දීම අපහසුයි.
2022-2025 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති 'විසල් වවුනියාව' ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ආසික්කුලම ග්‍රාම නිලධාරි වසමට අයත් සිදම්බරපුරම් ග්‍රාමයේ ජල කුලුනක් ඉදිකිරීමට නියමිත අතර, එයින් ජලය සැපයීමට නියමිතය. මෙම ජල කුලුන සඳහා 'විසල් වවුනියාව' ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ජලාශයෙන් ජලය සැපයීමට නියමිත අතර, දැනට පවතින ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක කළ නොහැක.
එම නිසා අපි 'විසල් වවුනියාව' ජල සම්පාදන ව්‍යාපෘතියෙන් තමයි මෙම ආසික්කුලම් ප්‍රදේශයට ජලය ලබා දෙන්න ලැහැස්ති කර තිබෙන්නේ.
එමෙන්ම ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ආසික්කුලම ග්‍රාම නිලධාරි වසම සඳහා 2021 වසරේදී නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හා පවතින ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks