පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-12
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කෘෂි කාර්මික වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයේදී, "වැව්ගම් පුබුදුව" වැඩසටහන යටතේ සිදු කරනු ලබන ඉල්ලීම්වලට අනුව ඒ සඳහා අවසර දී ඇත.
මේ වනවිටත් ගොවීන්ට සින්නක්කරව අයත්, වෙනත් ආකාරයේ නෛතික අයිතියක් ඇති කෘෂි කාර්මික ඉඩම් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු බාධා කිරීමක් කරනු නොලබන අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමනාකාරිත්වයේ පවතින වනාන්තර භූමි අලුතින් එළි පෙහෙළි කර වගා කටයුතු සඳහා යොදා ගැනීමට කිසිවෙකුට අවසර දීමට නෛතික හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කරමි.
(ii) ගොනු පරීක්ෂා කිරීමෙන් තහවුරු වූයේ එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.
(ආ) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින සංරක්ෂිත, රක්ෂිත, යෝජිත රක්ෂිතවලට අයත් සහ තවදුරටත් වනාන්තර ලෙස කළමනාකරණය කළ හැකි භූමි තුළින් මෙම කාර්යය සඳහා ඉඩම් ලබා දීමට හැකියාවක් නොමැත.
කෙසේ නමුත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අංක MWFC/1/2020 යන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තරවලට අයත් නොවන වනාන්තර ලෙස කළමනාකරණය කළ නොහැකි රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත භාර දීමේ වැඩ පිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම රජයේ ඉඩම් තුළින් යෝජිත කාර්යය සඳහා සුදුසු බිම් කොටසක් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් කර ඉදිරි කටයුතු කිරීම සුදුසු බව කාරුණිකව දන්වමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks