01

E   |     |  

 දිනය: 2021-02-11   පිළිතුර ලබා දී ඇත 

0861/2021: පල්ලිමුණෙයි, පරප්පාංකණ්ඩල් සහ වංකාලයි ගම්මානවල ඉඩම් ගැටලුව: විසඳුම්

----

අසන ලද දිනය

2021-02-11

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතෙහි නෛතික ප්‍රතිපාදන යටතේ ප්‍රකාශයට පත් කර ඇති යම් අභයභූමියක එය ප්‍රකාශයට පත්                කිරීමට පෙර පටන් කාලාන්තරයක් පුරා යම් පදිංචිවීමක් සිදුව ඇත්නම් එය දීර්ඝකාලීනව සිදු කරගෙන යා හැකි නමුත් එහි යම්                      සංවර්ධන කාර්යයක් සිදු කරන්නේ නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් විධිමත් අවසරයක් ලබා ගත යුතුය.

තිස් වසරක යුද්ධය අවසන් වීමෙන් පසුව ඒකාබද්ධ උතුරු පළාත් ක්‍රමෝපායික පාරිසරික ඇගයීම යටතේ, නව රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම යටතේ මන්නාරම විඩත්තල්තිව් ස්වාභාවික රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමේදී, එහි ඉඩම් සම්බන්ධ තොරතුරු රැස් කිරීමේදී එවකට එහි ජනතාව පදිංචිව නොසිටි බැවින්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද එම තොරතුරු නොතිබුණි. ඒ අනුව යුද්ධයට පෙර පැවති සිතියම් හා අදාළ තොරතුරු පදනම් කර ගනිමින් මෙම ස්වාභාවික රක්ෂිතය ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ නමුත් මෑත කාලයේදී ස්වාභාවික රක්ෂිතයෙහි පෞද්ගලික ඉඩම්වලට ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් එම ඉඩම් සම්බන්ධ මූලික තොරතුරු එකතු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

(ii) එහිදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා ඇත්තේ වනජීවී රක්ෂිතවලින් එම ඉඩම් බැහැර කිරීමට නොහැකි බවත්, ඒවා අයිතිය සනාථ කිරීමෙන් අනතුරුව නියමාකාරයෙන් ඔප්පු ලබා දීම සුදුසු බවත් ය. ඒ අනුව මේ සම්බන්ධ තොරතුරු එක් රැස් කරමින් පවතී.  

(iii) එම තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කිරීමට යෝජිත ය. 

(ආ) (i) ඔව්.

(ii) අදාළ තොරතුරු එක් රැස් කිරීම දුෂ්කර කාර්යයක් වන බැවින් ඊට ගත වන කාලය නිශ්චිතව සඳහන් කළ නොහැකිය.

(iii) මේ වන විටත් අදාළ කටයුතු ආරම්භ කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks