01

E   |     |  

 දිනය: 2021-11-16   පිළිතුර ලබා දී ඇත 

0802/2021: Auditorium of Kili/ Ramanathanpuram Maha Vidyalaya - 2018

802/2020

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)    (i)      කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිළි/ඉරාමනාදපුරම් මහා විද්‍යාලය නමින් පාසලක් පිහිටා ඇති බවත්;

             (ii)      එම පාසල සඳහා නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට 2018 වර්ෂයේදී මුල්ගල තැබූ බවත්;

(iii) වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදා නොහැරීම හේතුවෙන් ශ්‍රවණාගාරය ඉදිකිරීම මේ වනවිට නවතා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලද අමාත්‍යාංශය කවරේද;

(ii) එම ප්‍රතිපාදන, මුදා නොහැරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත සඳහන් ශ්‍රවණාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල කොපමණද;

(ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබන දිනය කවරේද;

(iii) එහි ඉදිකිරීම් සම්පූර්ණ කර එය සිසුන්ගේ භාවිතය සඳහා ලබා දීමට ගත වන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-11-16

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks