01

E   |     |  

 දිනය: 2021-04-20   පිළිතුර ලබා දී ඇත 

0753/2021: කොළඹ - පොළොන්නරුව දුම්රිය: මඩකළපුව දක්වා දීර්ඝ කිරීම

----

අසන ලද දිනය

2021-04-20

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එම දුම්රිය මඩකළපුවේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය සමඟ හුවමාරුවීමට සිදුවීම නිසා මඩකළපුවට ළඟා වීමේදී රාත්‍රී 11.00 පසුවන අතර නැවත පසුදින 1.45 පැයට මඩකළපුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමට සිදුවේ. එම වේලාවට මඩකළපුවෙන් මගීන් බලාපොරොත්තු විය නොහැකි අතර, දුම්රිය තවදුරටත් ප්‍රමාදව ගමන් ආරම්භ කළහොත්, දුම්රිය ධාවනයේ ප්‍රධාන අරමුණ වන කාර්යාල මගීන් නියමිත වේලාවට ගමනාන්තයට රැගෙන ඒම සිදු කළ නොහැක. මේ හේතුවෙන් කොළඹ සිට පොළොන්නරුව දක්වා ධාවනය වන දුම්රිය මඩකළපුව දක්වා ධාවනය ප්‍රායෝගික නොවේ.

(ii) 2021 වසර අවසන් වන විට මාර්ග පිළිසකර කටයුතු නිම කළ හැක.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks