01

E   |     |  

 දිනය: 2021-06-22   පිළිතුර ලබා දී ඇත 

0737/2021: ගල්නෑව බස් නැවතුම්පොළ: අලුත්වැඩියාව

----

අසන ලද දිනය

2021-06-22

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම බස් නැවතුම මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භයේදී 1978 වර්ෂයේදී ඉදිකර ඇත.

              (ii)      ගල්නෑව බස් නැවතුම්පොළ මීට වසර 23කට පමණ පෙර ඉදිකරන ලද්දක් බැවින් විටින් විට එහි සුළු අලුත්වැඩියා කටයුතු සිදුකර ඇතත් මේ වන විට එය පූර්ණ අලුත්වැඩියාවක් සිදුකළ යුතු තත්ත්වයේ පවතී.

(ආ)  දැනට මෙම බස් නැවතුම්පොළෙහි පාලන කටයුතු සිදුකරන උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු කිහිපයක් 2019 වර්ෂයේදී සිදු කර ඇති අතර, මෙහි ඇති ගො‍ඩනැඟිල්ලෙහි සහ බිමෙහි සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදුකළ යුතුව ඇති බැවින්, උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ 2021 වර්ෂයේ සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks