E   |     |  

 දිනය: 2021-01-22   පිළිතුර ලබා දී ඇත 

0722/2021: මන්නාරම දිස්ත්‍රික් රෝහල: පහසුකම් වැඩි කිරීම

----

අසන ලද දිනය

2021-01-22

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

                        මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාව උතුරු පළාතේ පිහිටි තෝරාගත් රෝහල් සංවර්ධනය කිරීම සඳහා විදේශ ආධාර ලබා ගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත DRIVE ව්‍යාපෘතියට ඇතුළත් කර තිබුණ ද, ලැබූ ආධාර ප්‍රමාණවත් නොවූ බැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. කෙසේ  වෙතත්, උතුරු පළාතේ පිහිටි මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල ඇතුළුව දවයිනේ රෝහල් හයක් (06) සංවර්ධනය කිරීම සඳහා  ඉන්දියානු රජයේ ආධාර ලබා ගැනීමට ව්‍යාපෘති යෝජනාවන් ඉදිරිපත් කර ඇත.

(ආ) ඉන්දියානු රජයේ ආධාර අපේක්ෂිත කිනම් ව්‍යාපෘති යෝජනා සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් ලැබේදැයි දැනට නිශ්චිත නොමැත. මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධන  යෝජනාව සඳහා ආධාර මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ලැබුණු විගස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබේ.

(ඇ) (i) රක්ත විද්‍යාව (Haematology), රසායනික ව්‍යාධි විද්‍යාව (Chemical pathology), ජෛව රසායනික විද්‍යාව (Biochemistry), ක්ෂුද්‍ර ජීව විද්‍යාව (Microbiology), හිස්ටෝපාත විද්‍යාව (Histopathology) යන ක්ෂේත්‍රයන්ට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් රෝහලේ පවතින අතර එසේ සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ විස්තර ඇමුණුම 01 ලෙස සභාගත* කරමි.

(ii) CT scan යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බැවින් එම යන්ත්‍රය ගැනීමට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ඇත.

වැඩ බලන විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු (Orthopaedic Surgeon) හා මුඛ වක්ත්‍ර හා හණුකවේදය (OMF) ක්ෂේත්‍රයට අදාළ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරියෙකු (Senior Registrar) දැනට රෝහලේ සේවය කරනු ලබයි. වෘක්කවේදය (Nephrology) ක්ෂේත්‍රයට අදාළ රුධිර කාන්දුකරන ඒකකය (Dialysis Unit) දිනපතා ක්‍රියාත්මක වන අතර, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු (Nephrologist) හා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු (Oncologist) මසකට වරක් වෙනත් රෝහලකින් පැමිණ සායන පවත්වනු ලබයි.

උගුර, කන, නාසය (ENT) ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ වෛද්‍ය තනතුරු පුරප්පාඩු පවතින අතර දැනට ශ්‍රී ලංකාව තුළ ස්නායුවේදය (Neurology) හා මෞත්‍රික රෝග චිකිත්සාව (Urology) යන ක්ෂේත්‍රයන් සඳහා ප්‍රමාණවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ පවතින විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු සම්පූර්ණ කිරීම පශ්චාත් උපාධි පුහුණුව අවසන් කළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු කිරීම යටතේ සිදුකිරීමට නියමිතය. කෙසේ වෙතත්, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ මේ වන විට සේවය සපයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලැයිස්තුව ඇමුණුම 02  ලෙස සභාගත* කරමි.

 

(ඈ) පැන නොනගී.

(ඉ) පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2021-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks