පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-09-23
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුම 01හි දක්වා ඇත.
(ii) ඇමුණුම 01හි දක්වා ඇත.
(iii) ඇමුණුම 02හි දක්වා ඇත.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරනවා.
(ආ) පහත ක්‍රමවේදය අනුගමනය කරයි.
i. පුහුණුකරුවකුගේ අවශ්‍යතාව හඳුනා ගත් විට හෝ එම පුරප්පාඩුව පවතින විට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් මූලික අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වනු ලබයි.
ii. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ඇතුළු සෙසු නිලධාරින් සහ සේවකයන්ගේ ප්‍රධානත්වයෙන් පවතින පරිපාලක කමිටු රැස්වීමේදී බඳවා ගැනීම් සඳහා ඉල්ලීමක් අනුමැතියට ඉදිරිපත් කරනු ලබයි.
iii. අවසන් අනුමැතිය සඳහා කළමනාකරණ රැස්වීමට යොමු කෙරේ.
iv. මුද්‍රිත දැන්වීමක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පුරප්පාඩු දැන්වීම ප්‍රකාශයට පත් කෙරේ.
v. අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලැබී ඇති සියලු අයදුම් පත් පරීක්ෂා කරනු ලබයි.
vi. අවම වශයෙන් නිලධාරින් 4 දෙනෙකුගෙන් යුත් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩලයේ පිරිසක් විසින් කෙටි ලැයිස්තුගත කරන ලද පුද්ගලයන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
vii. ඉන්පසු තෝරා ගන්නා ලද පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සංඛ්‍යාවට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.
viii. තවද, විදේශීය පුහුණුකරුවන් බඳවා ගැනීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ජාතික ක්‍රීඩා සංගමයක් විසින් විදේශීය පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks