01

E   |     |  

 දිනය: 2021-04-22   පිළිතුර ලබා දී ඇත 

0618/2021: රාජ්‍ය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා: ලියාපදිංචිය නවතාලීම

----

අසන ලද දිනය

2021-04-22

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

                        ඇමුණුම  01* යටතේ දක්වා ඇත.

(ආ)          (i)      මෙවන් තීරණයක් ගෙන නැත.

                        1037 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා තීරණයට අනුව ශාස්ත්‍රවේදී උපාධි පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්කොට නැවත හඳුන්වා දීම සඳහා 2020 අගෝස්තු 28 වන දින නව ලියාපදිංචි කිරීම් තාවකාලිකව නවතන ලදී.

                        කොමිෂන් සභා චක්‍රලේඛ අංක 1/2021 චක්‍රලේඛනය යටතේ මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වන විට තත්ත්ව පාලන කවුන්සලය මඟින් ක්‍රියාත්මක වෙමින් පවතී. අදාළ චක්‍රලේඛය හා කමිටු නිර්දේශ මේ සමඟ අමුණා ඇත.

(ii) ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව වර්තමාන රැකියා වෙළඳපළට ගැළපෙන ලෙස ප්‍රතිව්‍යුහගත කර ආරම්භ කිරීම සඳහා,

සටහන: වර්තමාන රැකියා වෙළඳපොළේ ප්‍රමුඛ අවශ්‍යතාවන් වන තොරතුරු තාක්ෂණය, භාෂා ප්‍රවීණතාව, ප්‍රායෝගික වැඩ පුහුණුව යන ක්ෂේත්‍ර සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය මඟින් ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, වර්තමානයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිධාරින් මුහුණ පා සිටින රැකියා වියුක්තියට විසඳුමක් මෙමඟින් ලබාදීමට හැකි වේ.

(iii) එම පාඨමාලා හැදෑරීම සඳහා ලියාපදිංචි වූ සිසුන් දැඩි දුෂ්කරතාවකට පත් නොවීමට කටයුතු කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇත.

(iv) 01/2021 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය 2021 අගෝස්තු මස අග වන විට අවසන් කර බාහිර උපාධි පාඨමාලා නැවත 2021 සැප්තැම්බර් මස 15 සිට ආරම්භ කිරීම සඳහා අදාළ විශ්වවිද්‍යාලවලට උපදෙස් දීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-08-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks