01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0583/2021: Details of Mavussa Division of Bopitiya Estate

583/2020

ගරු වේලු කුමාර් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මහනුවර දිස්ත්‍රික්කයේ, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් බෝපිටිය වත්තේ කොටසක් ලෙස මාවුසා කොටස පවතින බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      ඉහත සඳහන් මාවුසා කොටසට අයත් වන භූමි ප්‍රමාණය හෙක්ටයාර්වලින්;

(ii) ඒ අතරින්, මේ වනවිට වගා කර ඇති භූමි ප්‍රමාණය;

(iii) ඉහත (i) හි සඳහන් භූමි ප්‍රමාණයෙන් මේ වනවිට වගා නොකර අත්හැර දමා ඇති භූමි ප්‍රමාණය;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

‍(ඇ) (i) ඉහත සඳහන් බෝපිටිය වත්තේ මාවුසා කොටසේ පිහිටා ඇති ලයින් නිවාස සංඛ්‍යාව සහ එහි ඇති ලයින් කාමර සංඛ්‍යාව;

(ii) එම නිවාසවල පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව;

කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) ඉහත ලයින් නිවාසවල පදිංචිව සිටින පවුල් සඳහා තනි නිවාස ඉදිකිරීමට ඉඩම් ලබා දී තිබේද;

 

(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-19

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks