01

E   |     |  

 දිනය: 2021-04-21   පිළිතුර ලබා දී ඇත 

0540/2021: අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල්: තවදුරටත් සංවර්ධනය

----

අසන ලද දිනය

2021-04-21

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      බෞද්ධ - 756

                        හින්දු - 02

                        ක්‍රිස්තියානි - 40

                        මුස්ලිම් - 11

              (ii)      දහම් පාසල් තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 201 -2 -2-8-2205 වැය විෂයය යටතේ 2021 වර්ෂය සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 110ක් පමණ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටුව මඟින් මෙම රාජ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු යොදා ඇත.

සියලු ආගම්වල දහම් පාසල් දරුවන් සඳහා නොමිලයේ පෙළ පොත් ලබා දීම, දහම් පාසල් ගුරුවරුන් සඳහා වාර්ෂිකව නිල ඇඳුම් ලබා දීම, පුස්තකාල දීමනාව වශයෙන් රුපියල් 5000ක මුදලක් වාර්ෂිකව ලබා දීම, දහම් පාසල් විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීම, සියලු ආගමික දහම් පාසල් ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම සඳහා යන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ආදි වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන අතර ඉහත සඳහන් ප්‍රතිපාදන වැය කර 2021 වර්ෂය සඳහා දහම් පාසල්වල භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් සඳහා ප්‍රමුඛතාව දී කටයුතු කළ හැකි බව වැඩිදුරටත් දන්වමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-04-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks