01

E   |     |  

 දිනය: 2021-11-22   පිළිතුර ලබා දී ඇත 

0506/2021: Praja jala projects in Kurunegala district

506/2020

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ජල සම්පාදන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගම්මාන අතරින් පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ දී ඇති ගම්මාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ක්‍රියාත්මක වන ප්‍රජා මූල ජල සම්පාදන ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවායේ නම් කවරේද;

(iv) ඉහත සඳහන් එක් එක් ව්‍යාපෘතිය මඟින් ආවරණය වන ගම්මාන සංඛ්‍යාව හා පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත සඳහන් ප්‍රජා මූල ජල සම්පාදන ව්‍යාපෘතිවල පවතින ධාරිතාවය තවදුරටත් වැඩි කිරීමට ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-22

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks