පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-23
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අවස්ථා ගණන 2යි.
(ii) ඇමුණුම බලන්න.
(iii) ඇමුණුම බලන්න.
(ආ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2015 වර්ෂයේදී (අතුරු කමිටු කාලවකවානුව තුළ) වැටුප් වර්ධක ලබා දෙන ලදී. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2016, 2017, 2019 හා 2020 වර්ෂවලදී ගිවිසුම් අලුත් කිරීම හේතුවෙන් සහ සේවකයන්ගේ අත්දැකීම් හා සුදුසුකම් සැලකිල්ලට ගනිමින් සමහර අවස්ථාවලදී වැටුප් වැඩි කිරීම් සිදු කරන ලදී. තවද 2018 වසරේදී සේවය කරන ලද වර්ෂ ගණන අනුව සමස්ත කාර්ය මණ්ඩලයටම වැටුප් වැඩ කිරීම් සිදු කරන ලදී. අවුරුදු 1-3ත් අතර පළපුරුද්ද සහිත සේවකයන් සඳහා 15%කින් වැටුප් වර්ධක වැඩි කිරීමක්ද, අවුරුදු 3ට වඩා වැඩි පළපුරුද්ද සහිත සේවකයන් සඳහා 20%ක වැටුප් වර්ධක වැඩි කිරීමක්ද සිදු කරන ලදී. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැටුප් වර්ධක ලබා දීමේදී ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් පමණක් සුවිශේෂි අවධානයක් යොමු කර නොමැත.
(ඇ) ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමක් සිදු නොවේ. නමුදු අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව, පහත සඳහන් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබයි.
සේවකයාගේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මැනීම සඳහා සෑම සේවකයෙකුටම රැකියා විස්තරයක් හා ප්‍රධාන කාර්ය සාධන දර්ශක ලබා දී ඇත.
සෑම සේවකයෙකුම වසර අවසානයේදී ලබාදී ඇති ප්‍රධාන කාර්ය සාධන අනුව ඇගැයීමට ලක් කෙරේ. (අලුත් කිරිම් සඳහා ගිවිසුම් ඇති විට/වර්ධක ලබා දෙන විට)
රේඛීය කළමනාකරුවන් විසින් සේවකයා සමඟ එක්ව පවත්වනු ලබන සාකච්ඡාවලදී කරනු ලබන ඇගැයීම අනුව සේවකයාට ඇගයීමක් ලබා දීම.
සේවකයා ලබාගත් ශ්‍රේණිගත කිරීම් අනුව වැටුප් වර්ධක ලබා දෙන අතර, එමඟින් වැටුප් වර්ධක ක්‍රියාවලිය සෑම සේවකයෙකුටම සමාන වේ.
(ඈ) අදාළ නොවෙයි.
පිළිතුරු දුන් දිනය
2021-02-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks