01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0460/2021: Recruitment of Public Relation Officers to Road Development Authority 2015-2019

460/2020

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2015 සිට 2019 දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා මහජන සම්බන්ධතා නිලධාරින් සහ උපදේශකයන් බඳවාගෙන තිබුණේද;

            (ii)       එසේ නම්, එලෙස බඳවාගනු ලැබූ මහජන සම්බන්ධතා නිලධාරින් සහ උපදේශකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම බඳවාගැනීම් සඳහා අනුමතියක් ලැබී තිබුණේද;

(iv) වෙනත් පාර්ශ්වයක් විසින් නිකුත් කරන ලද ලේඛනයක් අනුව ඉහත නිලධාරින් බඳවාගනු ලැබුවේද;

(v) එසේ නම්, එම ලේඛනය නිකුත් කරන ලද පාර්ශ්වයේ නම කවරේද;

(vi) ඉහත නිලධාරින්ට ගෙවන ලද වැටුප් සහ ප්‍රවාහන දීමනාවල එකතුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-12-02

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks