01

E   |     |  

 දිනය: 2021-02-25   පිළිතුර ලබා දී ඇත 

0322/2021: ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය: සැලසුම්

----

අසන ලද දිනය

2021-02-25

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රු. 640,000,000කි.

              (ii)      රු. 99,700,000කි.

             (iii)      රු. 192,450,000කි.

(ආ)         (i)      ඔව්.

              (ii)      ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කරමින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම උදෙසා ජාතික මට්ටමේ පාසල් තරගාවලි සංවිධානය කරනු ලබයි. පාසල් කණ්ඩායම්වල ක්‍රීඩා කරන දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනාගෙන එම දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට දිස්ත්‍රික් හා පළාත් සංගම්වල නිලධාරින් අනුයුක්ත කර ඇත. ඊට අමතරව දරුවන් වැඩි පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කර ගැනීම සඳහා පාසල්වලට ක්‍රීඩා උපකරණ - ආම්පන්න - ලබා දීමට සහ ක්‍රිකට් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

තවද, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් අනුව ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන, රොෂාන් මහනාම, ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය, පාසල් ක්‍රිකට් සංගම්වල නිලධාරින් හා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැනුම සහිත අනෙකුත් සම්පත්දායකයන්ගෙන් බල ගැන්වුණු කමිටුවක් හරහා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

(ඇ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගමයක් වුවද එහි පරිපාලන හා සංවර්ධන කටයුතු සඳහා ඍජු මැදිහත්වීමක් ක්‍රීඩා අමාත්‍යාංශය  මඟින් සිදු කරනු  නොලබයි.

එසේම  ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය  හා අනුබද්ධිත අනෙකුත්  ක්‍රිකට් සංගම්  ශ්‍රී ලංකා ක්‍රිකට්  ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වගන්ති රීතිවලට යටත්ව ක්‍රියාත්මක වන ස්වාධීන ක්‍රීඩා සමාජ හා සංගම් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ඉටුකරනු ලබන සංවර්ධන කටයුතුවලට අමාත්‍යාංශය මැදිහත් නොවන අතර රජයේ අරමුදල් ‍‍ලබා දීමක් ද සිදු කරනු   නොලබයි.

(ii) අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා  වාර්ෂික  වාර්තා  ගෙන්වා  ක්‍රීඩා පනත හා ක්‍රීඩා  අමාත්‍යවරයා විසින්  විටින් විට  නිකුත් කරනු ලබන රෙගුලාසි අනුව නියාමනය කරනු  ලබයි.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks