01

E   |     |  

 දිනය: 2021-09-21   පිළිතුර ලබා දී ඇත 

0313/2021: Petroleum exploration - Mannar

313/2020

ගරු චමින්ද විජේසිරි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මන්නාරම් ද්‍රෝණිය අසළ විශාල ඛනිජ තෙල් නිධියක් පවතින බවට සනාථ කර ගනු ලැබූ වර්ෂය කවරේද; 

             (ii)      එම නිධිය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම, ආරම්භ කරන ලද දිනය කවරේද; 

(iii) එම පර්යේෂණ කිරීම සඳහා  භාර දෙන ලද ආයතනවල හා සංවිධානවල නම් කවරේද; 

(iv) අදාළ පර්යේෂණ කිරීම සඳහා  මේ වනතෙක් වැය කරන ලද මුදල කොපමණද; 

(v) එම ඛනිජ තෙල් සහ ගෑස් නිධියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් මේ වනතෙක් අමාත්‍යාංශය විසින් ගනු ලැබූ සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-09-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks