01

E   |     |  

 දිනය: 2021-09-22   පිළිතුර ලබා දී ඇත 

0294/2021: Reed related industry

294/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ පන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් මේ වනවිට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;

            (ii)       එම කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සහ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලු පවතින බවත්;

(iii) එම කර්මාන්තය මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකි  බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ පන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේද;

(ii) එසේ නම්, වර්ෂ 2015දී එමඟින් උපයාගන්නා ලද විදේශ ආදායම කොපමණද;

(iii) ශ්‍රී ලංකාවේ පන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය නොකරන්නේ නම්, ඒවා අපනයනය කිරීමට කටයුතු කරන්නේද;

 (iv) එසේ නම්, එම දින වකවානු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකාවේ පන් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීමට පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-09-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks