පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-24
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ ලොකු ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 1,144,502,212ක් වන අතර වාර්ෂිකව ආනයනය කළ ප්‍රමාණය පහත දක්වා ඇත.
|
වර්ෂය |
ප්‍රමාණය (කිලෝග්‍රෑම්) |
|
2015 |
210,252,972 |
|
2016 |
215,593,027 |
|
2017 |
232,317,750 |
|
2018 |
246,236,897 |
|
2019 |
240,101,567 |
(ii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ ලොකු ලූනු සඳහා වැය වූ මුළු මුදල රුපියල් 58,444,403,505/77ක් වන අතර වාර්ෂිකව ඒ සඳහා වැයවූ මුදල පහත දක්වා ඇත.
|
වර්ෂය මුදල (රුපියල්) |
|
|
2015 |
11,619,302,943.29 |
|
2016 |
6,796,127,281.62 |
|
2017 |
12,117,949,936.90 |
|
2018 |
12,742,227,120.96 |
|
2019 |
15,168,796,223.00 |
(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ලොකු ලූනු ආනයනය කළ රටවල් ඇමුණුම 01හි දක්වා ඇත.
(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ලොකු ලූනු ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුම 02හි දක්වා ඇත.
(ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ලොකු ලූනු ආනයනය සඳහා වැය වූ මුළු මුදල රු. 58.444,403,505.77කි.
(ඇ) පැන නොනගී.
ඇමුණුම් 01 හා 02 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2021-03-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks