01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0237/2021: 2015-2019 දක්වා ගම්මිරිස් ආනයනය: විස්තර

----

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ ගම්මිරිස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 5.0ක් වන අතර, විස්තර ඇමුණුම 01හි දක්වා ඇත.

              (ii)      ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ ගම්මිරිස් ප්‍රමාණය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 3.7කි. 

විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ගම්මිරිස් ආනයනය කළ රටවල් ඇමුණුම 03හි දක්වා ඇත.

(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ගම්මිරිස් ආනයනය කළ සමාගම් පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් නාම ලේඛනයක් ඇමුණුම 04හි දක්වා ඇත.

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

(ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවට ගම්මිරිස් ආනයනය කිරීමට වැය වුණු මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3.721ක් වෙනවා.

(ඇ) පැන නොනගී.‍

 

පිළිතුරු දුන් දිනය

2021-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks