පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුම - 01*
(ii) සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් තරුණ ජනගහනය තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වසනීය හා තාර්කික පදනමක් සහිත සාඩම්බර හවුල්කරුවන් ලෙස සම්බන්ධ කර ගැනීමට හා ඒ සඳහා ඔවුන්ගේ අභිලාෂ හඳුනාගෙන ඒවා මුදුන්පත් කිරීම සඳහා නිශ්චිත සහ ස්ථිරසාර වැඩ පිළිවෙළක් යටතේ විසඳුම් ලබා දීමෙන් තෘප්තිමත් තරුණ පරපුරක් බිහි කිරීම අභිප්‍රාය කර ගෙන ඇත.
ඒ යටතේ රටේ අධ්‍යාපන, සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පෙරදැක්මට තරුණ සහභාගීත්වයේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම, ආර්ථික ක්ෂේත්‍ර තුළ තරුණ ව්‍යවසායකයන්ට උපරිම අවස්ථා සලසා දීම, අවශ්‍ය දිරිගැන්වීම් හා නව අවස්ථා හඳුන්වා දීම සඳහා ක්‍රමෝපායන් සැකසීම හා ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය, පෞද්ගලික හා විදේශීය රැකියා අවස්ථා සඳහා ගැළපෙන ශ්‍රී ලාංකික තරුණයන් නිවැරදිව හඳුනාගැනීම පහසු කිරීම සඳහා තරුණ මානව සම්පත් බැංකුවක් ආරම්භ කිරීම හා ජාත්‍යන්තර, ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියා සඳහා කුසලතා සංවර්ධනය පුළුල් කිරීම යන සුවිශේෂ ප්‍රමුඛතා තුළින් අභිමානවත් ජව සම්පන්න තරුණ පරපුරක් බිහි කිරීමේ අභිලාෂය ඇතිව මෙම අමාත්‍යාංශය කටයුතු කරයි.
එම ජාතික ප්‍රතිපත්ති රාමුව අනුව යමින් වෘත්තීය මාර්ගෝපදේශනය හරහා නිශ්චිත ඉලක්කයන්ට යොමු වූ, වෘත්තීය පුහුණු හා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් තරුණ ප්‍රජාවගේ නිපුණතා උද්දීපනය කිරීමට, එමඟින් දේශීය හා විදේශීය ශ්‍රම වෙළෙඳ පොළ තුළ පවත්නා හා අලුතෙන් උත්පාදනය වන නව රැකියා අවස්ථා සඳහා තරුණ ප්‍රජාව සූදානම් කිරීම මඟින් තරුණ විරැකියාව අඩු කිරීමට හා එමඟින් නවීන ලෝකයට ගැළපෙන තරුණයකු නිර්මාණය කිරීමේ දැක්ම මත මෙම අමාත්‍යාංශය කටයුතු කරයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks