01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0870/2019: Injustice to Mr. L.P. Karunaratne and 17 others in paying pension by SLBC

870/’19

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      එල්. පී.කරුණාරත්න යන අය ඇතුළු තවත් 17 දෙනෙකුට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශ්‍රාම වැටුප් ගෙවීමේදී අසාධාරණයක් සිදු වී ඇති බවත්;

             (ii)      ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශයන්ද එවකට තිබූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් පැවැත්වූ විමර්ශනයේදී එවකට පැවති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් විශ්‍රාම වැටුප් ගෙවීමට පොරොන්දු වී ඇති බව පිළිගන්නේද;

(ii) ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇති නිර්දේශද ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

(iii) මෙම පුද්ගලයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-10-23

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අමාත්‍ය මණ්ඩලයේ නොවන ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks