පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
856/’19
ගරු කනක හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, විධායක මට්ටමේ නිලධාරින් වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ ඉවත් කරනු ලැබුවේද;
(ii) එසේ නම්, ඊට හේතුව කවරේද;
(iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, විධායක මට්ටමේ නිලධාරින් නැවත පත් කිරීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, එයට හේතුව කවරේද;
(v) එම තනතුරු සඳහා සපුරාලිය යුතු අධ්‍යාපන හා අනෙකුත් සුදුසුකම් කවරේද;
(vi) නැවත පත් කිරීමට බලාපොරොත්තු වන නිලධාරින් එම සුදුසුකම් සපුරා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2018.12.20 දින සිට ලබා දෙන ලද පත්වීම්, උසස්වීම් සහ මාරුවීම් පමණක් නීත්‍යානුකූල කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-19
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 36,000කට අධික සේවක සංඛ්‍යාවක් සේවය කරන ලදී. එම අධික සේවක සංඛ්‍යාව පාලනයට නතු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මැදිහත්වීම මත සිය කැමැත්තෙන් විශ්‍රාම යාමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංගම වෙත ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව විධායක මට්ටමේ නිලධාරින්හටද එම ක්‍රමවේදය යටතේ සිය කැමැත්තෙන් විශ්‍රාම යාමට හැකි වූ බව දන්වා සිටිමි.
(iii) නැත.
(iv) 2016 අංක 01 දරන ශ්‍රී ලංගම මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව සිය කැමැත්තෙන් විශ්‍රාම ගැන්වීමේ පටිපාටිය යටතේ විශ්‍රාම ගැන්වූ මණ්ඩලීය සේවකයින්හට මණ්ඩලීය පිළිවෙත් ප්‍රකාරව නැවත සේවයට බඳවා ගැනීමක් සිදු නොකරන බව දන්වා සිටිමි. (ඇමුණුම් 01**)
(v) අදාළ නොවේ.
(vi) අදාළ නොවේ.
(ආ) ඔව්.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) ගේ අංක: MT/01/04 (විවිධ ආයතන) 01 සහ 2018.10.31 දිනැති ලිපියේ උපදෙස්වලට පටහැනිව කිසිදු බඳවා ගැනීමක්/උසස් වීමක්/අනුයුක්ත කිරීමක්/ස්ථාන මාරු කිරීමක් නොකරන ලෙසට දැනුම් දී තිබියදීත්, එම උපදෙස්වලට පටහැනිව 2018.10.26 වන දින සිට 2018.12.14 දින දක්වා එම දෙදිනද ඇතුළත්ව සිදු කළ බඳවා ගැනීම්/උසස් කිරීම්/අනුයුක්ත කිරීම්/ස්ථාන මාරු කිරීම් වහාම බල පවත්වන පරිදි, ශ්‍රී ලංගම සභාපතිගේ අංක ශ්‍රීලංගම/සකා/පොදු/2018 හා 2018.12.20 දිනැති ලිපිය මඟින් අවලංගු කර ඇත.
තවද, අග්‍රාමාත්‍ය ලේකම්ගේ අංක: PMO/01/Gen හා 2018.11.09 දිනැති ලිපිය සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)ගේ අංක: MT/01/04 (විවිධ ආයතන) 01 හා 2018.11.13 දිනැති ලිපියට අනුව 2018.12.17 දින සිට ශ්‍රී ලංගම සභාගති හා/හෝ ශ්‍රී ලංගම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතිය ඇතිව සිදු කරනු ලබන බඳවා ගැනීම්/උසස් කිරීම්/අනුයුක්ත කිරීම් හෝ ස්ථාන මාරු කිරීම් බලාත්මක කර ඇත. (ඇමුණුම් 02**)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks