පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
777/’19
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක කිරීමේදී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙන් කළ පොලී සහනාධාර මුදල කොපමණද;
(ii) ඉහත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විශේෂ අවධානය යොමු කළ ක්ෂේත්‍ර කවරේද;
(iii) “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගෙන ඇති රාජ්‍ය හා පෞද්ගලික බැංකු කවරේද;
(iv) ඉහත වැඩසටහනට සම්බන්ධවීම සඳහා ණය ඉල්ලුම් කළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) 2018 වර්ෂය තුළ ඉහත සඳහන් පුද්ගලයන් වෙනුවෙන් මුදාහරින ලද ණය මුදල් ප්‍රමාණය කොපමණද;
(vi) මෙම ජාතික වැඩසටහනේ ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-22
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක වන අතර, ඒ මඟින් එක් එක් දිස්‍රතික්කය සඳහා වෙන් වෙන් වශයෙන් පොලී සහනාධාර වෙන් කර නොමැත. මුළු දිවයින සඳහාම වෙන් කර ඇති පොලී සහනාධාර ප්‍රමාණය පයහත පරිදි වේ.
(ii) එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රටෙහි ආර්ථික සංවර්ධනය ඇති කරනු වස් පහත ක්ෂේත්‍ර ආවරණය කරමින් ක්‍රියාත්මක වේ.
1. කෘෂිකර්ම
2. ප්‍රවාහන
3. ව්‍යාපාරික
4. අධ්‍යාපන
5. පරිසරය සුරක්ෂණය හා සංචාරක
6. මාධ්‍ය
7. නිවාස
8. බලශක්ති
9. සුරැකුම් මධ්‍යස්ථාන
ඉහත ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම මඟින් ආවරණය වන අංශ පිළිබඳ විස්තර ඇමුණුම* 01හි දක්වා ඇත.
(iii) එන්ටර්ප්‍රිය්ස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වන බැංකු:
(iv) එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා 2019.07.31 දිනට ලියාපදිංචි වී ඇති ණයලාභීන් සංඛ්‍යාව 2,340ක් වන අතර, අපේක්ෂිත මුළු ණය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 11,709ක් පමණ වේ.
ස්ත්‍රී, පුරුෂ ලෙස වෙන් වෙන්ව තොරතුරු සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත දත්ත පද්ධතියට ඇතුළත් වී නොමැත.
(v) 2018 වර්ෂය තුළ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලියාපදිංචි කළ ණයවල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 7,066.5කි. තවද, මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට 2019.07.31 වන විට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 11,709ක ණය ලියාපදිංචි කර ඇති අතර, එම මුදලින් රුපියල් මිලියන 8,200ක් 2019.07.31 වන විට බැංකු විසින් නිකුත් කර ඇත.
(vi) මෙම වැඩසටහන ඉතා සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන අතර බැංකු අනුව හා දිස්ත්‍රික්ක අනුව ප්‍රගතිය ඇමුණුම* 02 හා ඇමුණුම* 03හි දක්වා ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks