E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0776/2019: ඖෂධ හා වෛද්‍ය උපකරණවල ආනයනික පිරිවැය: විස්තර

776/’19

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2016 සිට 2018 අගෝස්තු 30 දින තෙක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ආනයනය කරනු ලැබූ වෛද්‍ය උපකරණ හා ඖෂධ සඳහා වැය වූ ආනයනික පිරිවැය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(ii) වර්ෂ 2016 සිට 2018 අගෝස්තු 30 දින තෙක් ඉන්දියාවෙන් ආනයනය කළ වෛද්‍ය උපකරණ හා ඖෂධ සඳහා වැය වූ පිරිවැය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) දේශීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී සිදු කරනු ලබන ටෙන්ඩර් පටිපාටිය විධිමත් දැයි පිළිගන්නේද;

(iv) එසේ නම්, 2018 වර්ෂය තුළ දේශීය වශයෙන් සැපයුම් සිදුකළ සමාගම්වල නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ආනයනය කරනු ලබන ඖෂධ භාවිතයට නුසුදුසු හෝ නියමිත ප්‍රමිතියෙන් ‍තොර වන්නේද යන්න පරීක්ෂා කරන්නේද;

(ii) එසේ නම්, වර්ෂ 2016 සිට 2018 අගෝස්තු 30 දක්වා කාලය තුළ එසේ හඳුනාගත් ඖෂධ හා උපකරණවල ආනයනික පිරිවැය ‍කොපමණද;

(iii) නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ වෙළෙඳපොළට නිකුත් වී රෝගීන්ගේ භාවිතයට ලැබීම බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වෛද්‍ය උපකරණ සඳහා වැය කළ මුදල රුපියල්      

2016

රුපියල් මිලියන 3,726

2017

රුපියල් මිලියන 2,837

2018.08.30  දක්වා

රුපියල් මිලියන 818

 

                            ඖෂධ සඳහා වැය කළ මුදල රුපියල්     

 

2016

රුපියල් මිලියන 26,365

2017

රුපියල් මිලියන 25,498

2018.08.30  දක්වා

රුපියල් මිලියන 20,199

         (ii)       ඉන්දියාවෙන් වෛද්‍ය උපකරණ ආනයනය කර නොමැති අතර, ඖෂධ හා ශල්‍ය වෛද්‍ය උපකරණ සඳහා වැය වූ ආනයනික පිරිවැය පහත දක්වා ඇත.

 

2016

රුපියල් මිලියන 9,807

2017

රුපියල් මිලියන 8,459

2018.08.30  දක්වා

රුපියල් මිලියන 4,511

(iii) ඔව්.

(iv) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ) (i) ඔව්.

       (ii)

වර්ෂය

තත්ත්වයෙන් අසමත් තොගවල මුළු ආනයනික පිරිවැය

2016

රුපියල් මිලියන 627

2017

රුපියල් මිලියන 580

2018 (අගෝස්තු 30 දක්වා)

රුපියල් මිලියන 234

2016දී ආනයනය කළ ඖෂධවලින් සියයට 2.3ක් නරක් වෙලා තිබෙනවා. 2017දී ආනයනය කළ ඖෂධවලින් සියයට 2.2ක් නරක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ, 2016 වර්ෂයට වඩා දශම එකකින් ඒ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. 2018 අගෝස්තු 30 දක්වා කාලය තුළ නරක් වූ ප්‍රමාණය සියයට 1.1 දක්වා අඩු වෙලා තිබෙනවා‍.

(iii)  ඔව්.  

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks