පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
768/’19
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට නිකුත් කර ඇති කැසිනෝ බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) එම බලපත්‍රලාභීන්ගේ නම්, ලිපිනයන්, බලපත්‍ර අංක හා මුලින්ම බලපත්‍රය ලබාදී ඇති දිනය හෝ වර්ෂය සහ කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථාන කවරේද;
(iii) මේ වනවිට ඉල්ලුම් කර ඇති නව බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-06
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන අතර, මෙම ව්‍යාපාරවල බදු අය කර ගැනීම සඳහා බදු සඳහා ලියාපදිංචි අංකයක් ලබා දීම සිදු කරනු ලබයි. බදු සඳහා ලියාපදිංචි කර ඇති ලිපි ගොනු සංඛ්‍යාව හතරකි.
(ii)
|
|
නම |
බලපත්‍ර අංකය |
බදු සඳහා ලිපි ගොනු අංකය |
ලිපිනය |
ලියාපදිංචිය ලබා දුන් දිනය |
|
01 |
Star Dust (Pvt.) Ltd. |
- |
GL - 2004 |
09, 15 වන පටුමග, කොළඹ 03 |
2005.05.20 |
|
02 |
Bellagio (Pvt.) Ltd. |
- |
GL - 2077 |
430, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 03 |
2000.01.03 |
|
03 |
Bally’s (Pvt.) Ltd. |
- |
GL - 2078 |
34, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 |
1996.01.03 |
|
04 |
Mareena Colombo (Pvt.) Ltd. |
- |
GL - 2082 |
30, 14 වන පටුමග, මරීනා ඩ්රයිව්, කොළඹ 03 |
2013.07.31 |
(iii) මේ වන විට බදු කටයුතු සඳහා ඉල්ලුම් කර ඇති සංඛ්‍යාව 02කි. 2013 අංක 19 සහ 2015 අංක 14 දරන ඔට්ටු හා සූදු බදු (සංශෝධන) පනත් අනුව ඔට්ටු හා සූදු බදු ව්‍යාපාර සඳහා නව ලියාපදිංචි කිරීම් සිදු කළ නොහැකි බැවින් බදු ලිපි ගොනු විවෘත කළ නොහැකිව ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-09-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks