01

E   |     |  

 දිනය: 2019-08-08   පිළිතුර ලබා දී ඇත 

0750/2019: ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගත් ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් : විස්තර

750/’19

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 1948  සිට 1995 දක්වා  ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි මෙරට පුරවැසිභාවය ලබාගත් මෑත ඉන්දියානු සම්භවයක් (Recent Indian Origin) ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

(ii) වර්ෂ 1948 සිට 1995 දක්වා සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියානු පුරවැසිකම ලබා හෝ ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත් වී ගිය මෙරට පදිංචි වී සිටි මෑත ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) වර්ෂ 1948 සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගත් ඉන්දියානු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iv) වර්ෂ 1948  සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ පදිංචි  වී සිට ඉන්දියානු පුරවැසිකම ලබාගෙන හෝ ලබාගැනීම සඳහා ඉන්දියාවට පිටත්වී ගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-08

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      වර්ෂ 1948 සිට [1949 අංක 03 දරන පනත/ 1967 අංක 14 දරන පනත/1988 අංක 39 (විශේෂ විධිවිධාන) පනත අනුව] ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි ඉන්දියානු ජාතිකයින් සඳහා මෙරට පුරවැසිභාවය ලබා දී ඇත.

                         එක් එක් පනතට අදාළව ඉදිරිපත් කරන ලද කොන්දේසිවල සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර ඇති ඉන්දියානු පුද්ගලයින් වෙත ශ්‍රී ලංකා‍වේ පුරවැසිභාවය ලබා දී ඇතත්, එසේ පුරවැසිභාවය ලබා දෙන ලද අය පිළිබඳ සටහන් කර ඇති ලේඛනවල ඔවුන් මෑත ඉන්දියානු සම්භවයක් ඇති හෝ එසේ නොවන අය ලෙස වර්ග කර සටහන් කර නොමැත.

පනත් අනුව පුරවැසිභාවය ලබා දෙන ලද පුද්ගලයින් සංඛ්‍යාව දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ සටහන් කර ඇතත් එම සංඛ්‍යා වර්ෂ වශයෙන් වෙන් වෙන් ලෙස සටහන් වී නැත. එක් එක් ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලද පුද්ගලයින් පිළිබඳ තොරතුරු පහත සඳහන් පරිදි වේ.

අනු අංකය

ගිවිසුම

ඉන්දියානු පුද්ගලයින් ගණන

01

1949 අංක 03 දරන පනත

134,320

02

1967 අංක 14 දරන පනත

343,985

03

1988 අංක 39 (විශේෂ විධිවිධාන) පනත

43,850

 

එකතුව

522,155

 

(ii)  සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ක්‍රියාවට නංවා ඇත්තේ 1967 වර්ෂයේදීය. 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (සිරිමා ශාස්ත්‍රී ගිවිසුම) මඟින් ඉන්දියානුවන් 600,000 නැවත ඉන්දියාවට යැවීමට තීරණය වී ඇත. එයින් 94,000ක් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි 506,000 පුද්ගලයින් අතරින් 342,000ක පමණ පිරිසක් 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට යවා ඇත. එසේ යවන ලද පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු එක් එක් වර්ෂය අනුව දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ සටහන් කර නොමැත.

(iii) වර්ෂ 1948 සිට කලින් කල පනවන ලද ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලබා ගත් ඉන්දියානු පුද්ගලයින් පිළිබඳ තොරතුරු පහතින් දක්වා ඇත.

අනු අංකය

ගිවිසුම

ඉන්දියානු පුද්ගලයින් ගණන

01

1949 අංක 03 දරන පනත

134,320

02

1967 අංක 14 දරන පනත

343,985

03

1988 අංක 39 (විශේෂ විධිවිධාන) පනත

43,850

 

එකතුව

522,155

 

(iv)  1948 සිට 1963 දක්වා ඉන්දියානු පුරවැසිකම ලබාගෙන හෝ ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත් වී ගිය මෙරට පදිංචිව සිටි ඉන්දියානු පුරවැසියන් සංඛ්‍යාව පිළිබඳ එවකට පාර්ලිමේන්තුවේ පවත්වන ලද ප්‍රකාශයක පහත සඳහන් පරිදි තොරතුරු සඳහන් කර ඇත.

 

අනු අංකය

වර්ෂය

ඉන්දියාවට පිටත් වී ගිය පුද්ගලයින් සංඛ්‍යාව

01

1948

3,281

02

1949

2,415

03

1950

4,717

04

1951

12,000

05

1953

9,323

06

1954

13,377

07

1955

22,871

08

1956

15,985

09

1963

7,357

1967 වසරේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ක්‍රියාවට නැංවීමත් සමඟ 342,000ක පමණ පිරිසක් වර්ෂ 1967 සිට 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට යවා ඇත. එසේ යවන ලද පුද්ගලයින් ගණන වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් දැක්වීමේ හැකියාවක් නැත.

1988 අංක 39 දරන අදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත අනුව එම කාල වකවානුව තුළ 80,000ක පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්දියාවට යැවීමට නියමිතව තිබුණි. නමුත් 1983 වර්ෂයේ මෙරට ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාව බලා ප්‍රවාහනය කරන මගී නැව් සේවාව අත්හිටුවන ලද බැවින් එම පුද්ගලයින් තවදුරටත් ලංකා‍වේ රැඳී සිට ඇත.

මීට අමතරව වර්ෂ 1983 සිට 2009 දක්වා ලංකාවේ පැවති අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් විවිධ නිල නොවන ක්‍රම උපයෝගී කර ගනිමින් ලංකා‍වේ පුද්ගලයන් ඉන්දියාවට ගොස් ඇති නමුත්, එසේ ගිය පුද්ගලයින් පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks