පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
657/’18
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කන්තලේ නගරයේ වාරිමාර්ග යාන්ත්‍රික වැඩපොළ අසල සිට සම්පත් බැංකුව පිහිටා ඇති ස්ථානය දක්වා වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් භූමියේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබන පුද්ගලයන්ගේ නම, ලිපිනය, එම එක් එක් පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරය සහ ඔවුන් එම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන කාලය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම එක් එක් ව්‍යාපාරික භූමිය වෙනුවෙන් බදු හෝ වෙනයම් අය කිරීමක් සිදු කරන්නේ නම්, ඒ කෙසේද;
(iii) එම අයකිරීම් සිදු කිරීම ආරම්භ කරන ලද දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-08
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබන මෙම ඉඩම් කොටස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාවිත කරන භූමියක් නොවේ. එම නිසා ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබන ආයතන හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා ඉදිරිපත් කළ නොහැකිය.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks