පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
615/’18
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යහපාලන රජය බලයට පත්වූ දින සිට මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ජල ව්‍යාපෘති පවතින ප්‍රදේශ හා පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) 2017 වර්ෂය තුළ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ජලය ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන් අතරින් මේ වනවිට ජල සැපයුම් ලබාදී ඇති සංඛ්‍යාව කොපමණද;
(iv) නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල වෙසෙන බොහෝ ජනතාවට පානීය ජලය නොමැතිවීම මත දැඩි පීඩාවන්ට හා අපහසුතාවයන්ට ලක්වීමට සිදුවී ඇති බව පිළිගන්නේද;
(v) එම ජනතාවගේ පානීය ජල ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-03
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
අ) (i) 18කි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ ව්‍යාපෘති 05ක්ද, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාපෘති 13ක්ද ක්‍රියාත්මක වේ.
(ii)
|
ප්‍රදේශය |
පාරිභෝගිකයන් සංඛ්‍යාව |
|
8000,000කි. |
|
11,264කි. |
(iii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2017 වර්ෂය තුළ නව ජල සම්බන්ධන සඳහා ඉල්ලුම්පත් 198ක් ලැබී ඇත. ජල සම්බන්ධන 190ක් මේ වන විට ලබා දී ඇත. ඉතිරි ඉල්ලුම්පත් 8න් 3ක් සඳහා ඇස්තමේන්තු මුදල් ගෙවා නොමැත. ඉල්ලුම්පත් 3ක් සඳහා තාක්ෂණික හැකියාවක් නොමැත. ඉල්ලුම්පත් 2ක් සඳහා මාර්ග අවසරය ලබා ගෙන නොමැත.
(iv) ඔව්.
(v) ඔව්.
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලපනේ උතුර රජඇළ ප්‍රදේශය, ඉන්ද්‍රාවිට ගම්මානය හා ගැමුණුපුර ග්‍රාමය යන ප්‍රදේශවල වෙසෙන ජනතාවට ජල පහසුකම් ලබාදීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු යොදා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks