පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
614/’18
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, උලපනේ, මොරගොල්ලේ ප්‍රදේශයේ ඉදිවන ජලවිදුලි බලාගාරයේ ප්‍රධාන වේල්ලට මුල්ගල තබන දිනය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(iii) නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) වැඩ නිමකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(v) නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනට ඉදිවෙමින් පවතින ජල විදුලි බලාගාර අතරින් මෙම විදුලි ව්‍යාපෘතිය, මොරගහකන්ද වාරිමාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිවන ජලවිදුලි බලාගාරයට පමණක් දෙවැනි වන බවත්;
(ii) එහි ධාරිතාවය මෙගාවොට් 30ක් පමණ වන මෙම බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට වර්ෂයකට විදුලි ඒකක මිලියන 100ක් පමණ එක් කරමින් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-09
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ප්‍රධාන සිවිල් ඉදිකිරීම් කාර්යයන් සඳහා කොන්ත්‍රාත්තුව ලබා දීමට අපේක්ෂිත දිනය 2019 අගෝස්තු.
ප්‍රධාන වේල්ල සඳහා මුල්ගල තැබීමට අපේක්ෂිත දිනය 2019 සැප්තැම්බර් මාසයට යෙදී තිබේ.
(ii) සමස්ත ව්‍යාපෘති පිරිවැය : ශ්‍රී ලංකා රුපියල් මිලියන 18,809
ADB ආධාර : ඇ.ඩො.මි. 113.86 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14,851) (ඇ.ඩො.මි.1 = ලංකා රු.130.43)
ශ්‍රී ලංකා රජයෙන් : ශ්‍රී ලංකා රුපියල් මිලියන 3,958
(iii) පවුල් 20 නැවත පදිංචි කිරීමට නියමිතය.
(iv) මේ වන විට නිවාස 14 සම්පූර්ණ කර තිබේ.
(v) 2019 අගෝස්තු අග භාගයේදීය.
(ආ) (i) ඔව්. මොරගහකන්ද ජලාශයේ ධාරිතාව වන (මෙ.වො. 25) ට වඩා මොරගොල්ල ජලාශයේ ධාරිතාව (මෙ.වො. 30.2) වැඩිය.
(ii) ස්ථාපිත ධාරිතාව මෙ.වො. 30.2ක් සහ අපේක්ෂිත වාර්ෂික බලශක්තිය ඒකක මිලියන 100 වේ.
(ඇ) ඔව්. ප්‍රධාන සිවිල් ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව මෙම මාසයේදී ප්‍රදානය කිරීමට නියමිත වන අතර, ව්‍යාපෘතිය අවසන් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කොන්ත්‍රාත්තු වැඩ සටහන මාස 08කින් අඩු කරන ලදී. යාන්ත්‍රික හා විදුලි පහසුකම් කොන්ත්‍රාත්තුව 2020 පෙබරවාරි මාසයේ ප්‍රදානය කිරීමට නියමිතය.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks