01

E   |     |  

 දිනය: 2019-08-08   පිළිතුර ලබා දී ඇත 

0611/2019: මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්: ව්‍යාපෘති විස්තර

611/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ප්‍රමාණයන් සහ නාමයන් වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)        (i)      වර්ෂ 2005 සිට 2017 දක්වා කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ව්‍යාපෘති සිදුකිරීම සඳහා බදු පදනම යටතේ ලබා දී ඇති සියලු ඉඩම්වල නාමය, ප්‍රමාණය හා එම ඉඩම් පිහිටි ස්ථාන  වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) දැනට සක්‍රීය මට්ටමේ පවතින ව්‍යාපෘති ‍ සංඛ්‍යාව කොපමණද;

(iii) වසර 3කට වඩා වැඩි කාලයක් ගත වී ඇති, යෝජිත ව්‍යාපෘති කවරේද;

(iv) මෙතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති ඉඩම් සංඛ්‍යාව ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් බදු පදනම යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ ලබා දී ඇති ඉඩම් බොහොමයක අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමෙන් ඵලදායී කාර්යයකට යෙදවීමට හැකිව තිබූ එම ඉඩම් අවභාවිතයට ලක්ව ඇති බව එතුමා පිළිගන්නේද;

(ii) මෙතෙක් ව්‍යාපෘති සිදුකර නොමැති ඉඩම් නැවත කොමිෂන් සභාව වෙත පවරා ගැනීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-08

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)                    ඔව්.  ඇමුණුම 1හි* සඳහන් කර ඇත.

(ආ)          (i)      ඇමුණුම 2හි* දක්වා ඇත.

               (ii)       සක්‍රීය ව්‍යාපෘති සංඛ්‍යාව 60කි. (ඇමුණුම 2හි දක්වා ඇත.)

              (iii)      වසර 3කට වඩා වැඩි කාලයක් ගත වී ඇති යෝජිත ව්‍යාපෘති 62කි. (ඇමුණුම 3හි* දක්වා ඇත.)

              (iv)       මෙතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති ඉඩම් සංඛ්‍යාව 28කි. (ඇමුණුම 4හි* දක්වා ඇත.)

(ඇ) (i)  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් බදු දී ඇති බොහෝ ඉඩම් අවභාවිතයට ලක් වී ඇති බව පිළිනොගනී. ‍එසේ වුවද, බදුකර නිකුත් කිරීමේ අරමුණින් ඉඩම්වල භුක්තිය බාර දී ඇති නමුත් එම ඉඩම්වල ඉදිරි කටයුතු සිදු නොකළ අවස්ථා සඳහා පහත පරිදි ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

2002 - 2004 කාල සීමාවේදී ව්‍යාපෘති සඳහා භුක්තිය බාර දුන් ඉඩම්වලට අදාළව ව්‍යාපෘති 16ක් අංක අමප/04/0693/001/015 හා 2004.06.30 දිනැති කැබිනට් තීරණයකින් අවලංගු කර ඇත. එම ඉඩම්වල භුක්තිය බාර ගැනීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

අනුමත ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉඩම් යෝජිත කාර්යයෙන් තොරව යොදා ගත් අවස්ථා සඳහා බදු ගිවිසුම් අවලංගු කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

මෙතෙක් ව්‍යාපෘති සිදු කර නොමැති ඉඩම් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරා ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍ර වාර්තා ලබා ගනිමින් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

(ii) ඔව්. ඉහත (ඇ) (i)හි පරිදි ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks