පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
605/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය හෝ එහි නියෝජිත ආයතන විසින් විසන්ධි කරන ලද විදුලි සැපයුමක් නැවත සන්ධි කිරීමට රු.1300/- ක මුදලක් අය කරන්නේද;
(ii) මීට වසරකට පෙර මෙම ගාස්තුව රු. 500/-ක් වූ බව පිළිගන්නේද;
(iii) මෙම ගාස්තුව ඉහළ නැංවීමට හේතුව කවරේද;
(iv) ගාස්තුව ඉහළ නැංවීම ගණනය කළ පදනම කවරේද;
(v) විදුලි බිල්පතෙහි හිඟයක් ඇති විට එය කොටස් වශයෙන් ගෙවීමට ඉඩ නොදෙන්නේ මන්ද;
(vi) වර්ෂ 2005 සිට 2018 දක්වා කාලය තුළ බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කළ නිවාස/ස්ථාන සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-09
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) විසන්ධි වූ විදුලිබල සැපයුම සඳහා නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුවක් ලෙස රුපියල් 1,250 + NBT ගාස්තුවක්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2018 වර්ෂයේ සිට අය කළ යුතුයි.
2019 වර්ෂය සඳහා ලංකා විදුලිබල සමාගමේ (පුද්ගලික) ගාස්තුව රුපියල් 2,010කි.
(ii) නැත. 2017 වර්ෂයේදී, ලංවිම විසන්ධි කරන ලද විදුලිබල සැපයුම සඳහා නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව වූයේ රුපියල් 1,100 + NBTය.
මීට වසරකට පෙර ලංකා විදුලි (පුද්ගලික) සමාගමෙහි (LECO) නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව රුපියල් 1,780ක් වූ අතර, 2019 වර්ෂය සඳහා නිර්දේශිත ගාස්තුව රුපියල් 2,010කි.
(iii) ශ්‍රම හා ප්‍රවාහන වියදම් වැඩිවීමත් සමඟ මෙම ගාස්තුව ඉහළ යයි.
(iv) නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව ගණනය කරනු ලබන්නේ සැපයුම විසන්ධි කිරීම හා නැවත සම්බන්ධ කිරීම සඳහා වන ශ්‍රම ගාස්තු පදනම් කරගෙනය.
(v) ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය වියදම් පියවා ගැනීම සඳහා සිය ආදායම නියමිත වේලාවට එකතු කර ගත යුතු බැවින් හිඟ මුදල් වාරික වශයෙන් ගෙවීමට ඉඩ ලබා දෙන්නේ නැත.
(vi) 1. 2005 - 2018 සිට LECO ප්‍රදේශයේ විදුලි විසන්ධි කිරීම් සංඛ්‍යාව 82,170. ඇමුණුම බලන්න. ඇමුණුම සභාගත* කරමි.
2. ලංකා විදුලිබල මණ්ඩලයෙහි ප්‍රදේශ 62කින් දත්ත ලැබීමෙන් පසු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනු ලැබේ.
ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර වශයෙන් සැබෑ තොරතුරු දෙන්න බැරි නිසා තමයි එවැනි උත්තරයක් ලබා දෙන්නේ. නමුත් LECO ආයතනයට ඒ හැකියාව තිබෙනවා. මෙයට මාස 2ක් යන්න ඉඩ තිබෙනවා. ඒත් නිවැරැදි උත්තර ලබාගන්න අමාරු වෙයි.
(ආ) සැපයුම විසන්ධි කිරීමට අදාළ දත්ත/තොරතුරු සංඛ්‍යා ලේඛන ඒකකය විසින් වෙනත් දත්ත මෙන් නිතිපතා එකතු නොකෙරේ. එබැවින් 2005 වර්ෂයේ සිට තොරතුරු පහසුවෙන් ලබාගත නොහැකි අතර බෙදාහැරීම් අංශ හතරකට අනුයුක්තව ඇති ප්‍රාදේශීය කාර්යාල 62කින් ලබා ගත යුතුය. එවැනි දත්ත එක්රැස් කළ විගස 2005 සිට සිදු කරන ලද විසන්ධි කිරීම් ගණන නිවැරැදිව ඉදිරිපත් කළ හැකිය.
පිළිතුරු දුන් දිනය
2019-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks