පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
603/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අඩු ආදායම්ලාභීන්ට විදුලි සැපයුම ලබා ගැනීම සඳහා රු. 40,000/-ක ණය මුදලක් ලබා දී ණය වාරිකය මාසික විදුලි බිල සමඟ ගෙවීමට ලබා දී තිබූ පහසුකම මේ වනවිටත් පවතින්නේද;
(ii) එසේ නම්, එවැනි අවස්ථාවල නිවසක් වයරින් කිරීමේදී විදුලි බුබුලු 05, විදුලි පේනු 01 හා බෙදාහැරීමේ පුවරුව සඳහා රු. 21,000/- ක පමණ මුදලක් අය කරන්නේද;
(iii) එසේ නම්, මෙම මුදල වෙළෙඳපොළ මිලට වඩා කොපමණ වැඩි වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මෙම අමාත්‍යාංශය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහය ඇතිව සිදු කරන ලද සමීක්ෂණ අනුව, මුදල් අග හිඟකම් හේතුවෙන් විදුලිය ලබා ගැනීමට නොහැකිව සිටින පවුල් 274,639ක් පමණ 2016 වර්ෂය වන විට රට තුළ සිටින බව වාර්තා වී තිබිණ.
හැබැයි, අද වන විට මේ සංඛ්‍යාව 215,000කට අඩුවෙලා තිබෙනවා කියලායි මම දන්නේ.
ඒ අයට විදුලි සම්බන්ධතා සඳහා මුදල් ගෙවීමට පමණක් නොව තම නිවස තතැඳුම් - wiring - කර ගැනීම සඳහා ද මූල්‍ය හැකියාවක්ද නොතිබිණ. මේ නිසා සියයට 7ක වාර්ෂික පොලී අනුපාතිකයක් අනුව ගණනය කරන ලද සමාන මාසික වාරික 72කින් මාසික විදුලි බිල සමඟ අය කර ගැනීමේ පදනම මත රුපියල් 40,000ක උපරිමයකට යටත්ව ණය මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ප්‍රදානය කරන ලදී. මෙම සහනදායි ණය ක්‍රමය යටතේ වසරක කාලය තුළ පවුල් 239,783කට විදුලිය ලබා දී, ඒ වන විට වාර්තා වී තිබූ සියලු නිවාසවලට විදුලිය ලබා දී අවසන් කරන ලදී. මෙම සහනදායි ක්‍රමය යටතේ නිවස තතැඳුම් - wiring - කර ගැනීමට අවශ්‍ය මුදල් නොමැති පවුල් ඒකක සඳහා රුපියල් 17,500ක මිලකට, ලංකා විදුලිබල මණ්ඩලය මඟින් පවත්වා ගෙන යනු ලබන සුදුසුකම් සහිත විදුලි කාර්මික ලේඛනයේ ලියා පදිංචි වී ඇති විදුලි කාර්මිකයකු ලවා එම කාර්යය ඉටු කර ගැනීමට පහසුකම් සලසන ලද අතර, විදුලි සම්බන්ධතාව ලබා ගැනීමේ ගාස්තුව ද ඇතුළුව ලබා දුන් උපරිම මුදල රුපියල් 40,000ක් වේ. සියලු නිවාස සඳහා විදුලිය ලබා දී අවසන් වූ පසුව 2016.12.31 දින මෙම සහනදායි ක්‍රමය අවසන් කරන ලදී. මින් පසුව ලැබී ඇති ඉල්ලීම් සලකා බලා 2019 සැප්තැම්බර් 12 දක්වා විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා පමණක් රුපියල් 22,500ක ණය මුදලක් සියයට 14ක පොලියක් හා මාස 24කින් අය කර ගැනීමේ පදනම මත ලබා දීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක වේ.
(ii) එම ක්‍රමය දැනට ක්‍රියාත්මක නොවේ. දැනට ක්‍රියාත්මක වනුයේ විදුලි සම්බන්ධතාව ලබා ගැනීම සඳහා රුපියල් 22,500ක ණය මුදලක් ලබා දෙන යෝජනා ක්‍රමයකි.
(iii) නිවාස තතැඳුම් - wiring - කිරීම සඳහා ලබා දුන් සහන ණය මුදල එවකට වෙළෙඳ පොළ පැවති මිල හා සමාන මුදලකි. මෙම රුපියල් 17,500ක මුදල ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවුණු අතර, මෙය ලබාදෙනු ලැබූයේ තම නිවස තතැඳුම් කර ගැනීමට හැකියාවක් නොමැති අය සඳහා වූ අනුග්‍රහයක් වශයෙනි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks