01

E   |     |  

 දිනය: 2019-08-08   පිළිතුර ලබා දී ඇත 

0578/2019: සූර්යබල නිෂ්පාදනය: සහන ණය

578/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සූර්යබල නිෂ්පාදනයන් සඳහා රජය විසින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේද;

             (ii)      එම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයන්ට ලබා දෙන ණය සඳහා ගෙවිය යුතු පොළී ප්‍රතිශතය කොපමණද;

(iii) මෙම වැඩපිළිවෙළ යටතේ එක් එක් බැංකුව විසින් පාරිභෝගිකයන් වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය සහ එම ණය මුදල්වල එකතුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-08

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      සූර්ය පැනල මඟින් විදුලිය ජනනය කිරීම සඳහා රජය විසින් "රිවි බල සවි"නමින් සහන පොලී ණය යෝජනා ක්‍රමයක් 2017 වර්ෂයේදී ක්‍රියාත්මක කර ඇත.

                         එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය උපයෝගී කරගෙන සූර්ය විදුලි ජනනය සඳහා ආයෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

               (ii)      මෙම වැඩ පිළිවෙළ යටතේ ඕනෑම ගෘහස්ථ විදුලි පාරිභෝගිකයෙකුට මෙම ව්‍යාපෘතිය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වී ඇති රජයේ හෝ පෞද්ගලික බැංකුවකින් ණය ලබා ගත හැකි අතර, එම ණය මුදලෙන් රුපියල් 350,000/-ක් සඳහා 6.75%ක අඩු පොලී පහසුකම යටතේ පාරිභෝගිකයා වෙත සලසා තිබිණ. එහිදී සළුල පොලී අනුපාතය 13.50%ක් වන අතර, පොලියේ ඉතිරි 6.75% රජය විසින් දරනු ලැබේ.

එමෙන්ම මේ වනවිට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාර යටතේ, විදුලි පාරිභෝගිකයන්ට කිලෝවොට් 50 දක්වා ස්ථාපිත ධාරිතාවක් සහිත සූර්ය ජනන පද්ධති තම පරිශ්‍රවල වහල මත සවිකර ගැනීම සඳහා 8%ක වාර්ෂික පොලී අනුපාතිකයකට ණය මුදලක් ලබා දෙනු ලැබේ. එහිදී එක් සූර්ය ජනන පද්ධතියක් සඳහා වියදම රුපියල් මිලියන 1.5ක් නොඉක්මවන්නේ නම් සමස්ත පිරිවැය ණය මුදල ලෙස ලබා ගත හැකි අතර, එක් පද්ධතියක් සඳහා වියදම රුපියල් මිලියන 1.5 ඉක්මවන්නේ නම් සමස්ත පිරිවැයෙන් 80%ක් ණය මුදල ලෙස ලබා ගත හැක. ණය ආපසු අයකර ගැනීමේ කාලය වසර 10කි.

(iii) සූර්යබල විදුලි නිෂ්පාදනය සඳහා "රිවි බල සවි" ණය යෝජනා ක්‍රමය යට‍තේ එක් එක් බැංකුව විසින් 2018.03.22 දින වනවිට පාරිභෝගිකයන් වෙත පහත දැක්වෙන පරිදි ණය මුදල් ලබා දී ඇත.

 

 

බැංකුව

ලබා දී ඇති ණය ප්‍රමාණය

ලබා දී ඇති ණය මුදල (රු.මි.)

1

ලංකා බැංකුව

198

68.3

2

මහජන බැංකුව

152

52.2

3

හැටන් නැෂනල් බැංකුව

17

6.0

4

කොමර්ෂල් බැංකුව

04

1.4

5

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

04

1.4

6

සම්පත් බැංකුව

02

0.7

7

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව

01

0.35

8

ඩීඑෆ්සීසී බැංකුව

01

0.35

 

එකතුව

379

130.7

සූර්යබල විදුලි නිෂ්පාදනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ණය යෝජනා ක්‍රමය යටතේ එක් එක් බැංකුව විසින් 2019.03.28 දින වනවිට පාරිභෝගිකයන් වෙත පහත දැක්වෙන පරිදි ණය මුදල් ලබා දී ඇත.

 

 

බැංකුව

ලබා දී ඇති ණය ප්‍රමාණය

ලබා දී ඇති ණය මුදල (රු.මි.)

1

මහජන බැංකුව

34

47.3

2

හැටන් නැෂනල් බැංකුව

105

228.7

3

කොමර්ෂල් බැංකුව

75

101.5

4

ලංකා බැංකුව

58

56.5

5

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

02

2.2

6

ඩීඑෆ්සීසී බැංකුව

14

31.0

7

සම්පත් බැංකුව

69

87.5

8

සෙලාන් බැංකුව

30

51.8

9

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

02

1.7

10

ජාතික සංවර්ධන බැංකුව

10

33.3

 

එකතුව

399

641.5

(ආ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks