පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
575/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිකවැරටිය, මාගල්ලේ වැව යටතේ වගා කරන මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) මෙම වැවේ, වැව් රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් පදිංචිවී සිටින බව දන්නේද;
(iii) එසේ නම්, එම පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) මෙසේ අනවසර පදිංචිකරුවන් රැඳී සිටීම නිසා වැවට දරුණු හානි සිදුවන බව දන්නේද;
(v) එසේ නම්, එම අනවසර පදිංචිකරුවන් ඉවත් කර මෙම වැව සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) අක්කර 7000 යි.
(ii) ඔව්.
(iii) පවුල් 122 යි.
(iv) පවුල් 122ක් වැව් රක්ෂිතයේ අනවසරයෙන් පදිංචි වී ඇති නිසා යම් යම් හානි මෙන්ම ගැටලු තිබෙන බව වාර්තා වී ඇත.
(v) මෙම වැව වටා පදිංචිව සිටින අනවසර පවුල් 122කි. එයින් කිසිදු බලපත්‍රයක් නොමැතිව පදිංචිව සිටින පවුල් 40න් පවුල් 19ක් තෝරා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය ලේකම් සමඟ එකමුතුවෙන් වෙනත් ඉඩමක පදිංචි කරවීමට කටයුතු කර ඇති අතර, කිසිදු බලපත්‍රයක් නොමැති ඉතිරි පවුල් 21 සුදුසු ස්ථානයක පදිංචි කිරීමට පියවර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් හා ඒකාබද්ධ ව කටයුතු සිදු කර සුදුසු ඉඩමක් සොයා ගැනීමෙන් අනතුරුව නැවත පදිංචි කිරීමට පියවර ගනිමින් පවතී.
සින්නක්කර ඉඩම් හිමි සහ බලපත්‍ර හිමි ඉතිරි පවුල් 82 පදිංචි ව සිටින ඉඩම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාකරමින් පවතී.
(ආ) ඉහත පිළිතුරට අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks