01

E   |     |  

 දිනය: 2019-05-10   පිළිතුර ලබා දී ඇත 

0555/2019: කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම්: සින්නක්කර ඔප්පු

555/’19

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)     කිලිනොච්චි දිස්ත්‍රික්කයේ,

              (i)       ස්ථීරව පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව සහ ඔවුන්ට අයත් ඉඩම් පිළිබඳව දන්නේද;

            (ii)       සින්නක්කර ඉඩම් ඔප්පු හිමි පවුල්/පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iii) සින්නක්කර ඔප්පු සහිත ගොඩ ඉඩම් සහ කුඹුරු ඉඩම් සංඛ්‍යාව කොපමණද;

(iv) ඉඩම් බලපත්‍ර  හිමි පවුල්/පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(v) ඉඩම් බලපත්‍ර සහිත කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවුරුදු 60කට වැඩි කාලයක් ජීවත්වන ජනතාවට  මෙතෙක් සින්නක්කර ඉඩම් ඔප්පු  ලබා නොදීමට හේතු කවරේද;

(ii) යුද්ධයෙන් හානියට පත් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම ඉඩම් බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතන වෙත උකස් තැබීම, ණය ලබා ගැනීම වැනි ක්‍රියාමාර්ග තුළින් තම ආර්ථික කටයුතු දියුණු කර ගැනීමට නොහැකිව සිටින බව දන්නේද;

(iii) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මෙතෙක් සින්නක්කර ඉඩම් ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර හෝ නොමැතිව ජීවත් වන පවුල්/පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-10

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවේ.

              (ii)      ඉහත (i) පිළිතුර අදාළ වේ.

            (iii)      ඉහත පිළිතුර හා අදාළ වේ.

             (iv)      ඉඩම් බලපත්‍ර හිමි පවුල්/පුද්ගලයන් සංඛ්‍යාව - 23,192 යි. (විසිතුන්දහස් එකසිය අනූදෙකයි)

              (v)      ගොඩ ඉඩම් සංඛ්‍යාව    - 21,036 යි. (විසිඑක්දහස් තිස්හයයි)

කුඹුරු ඉඩම් සංඛ්‍යාව - 2,156 යි. (දෙදහස් එකසිය පනස්හයයි)

(ආ) (i) රජයේ ඉඩම් ලබාදීමට කටයුතු කරනුයේ ඉඩම් සංවර්ධන ආඥා පනත හෝ රජයේ ඉඩම් ආඥා පනත යටතේ පවතින ප්‍රතිපාදන යටතේ පමණි.

(ii) රජයේ ඉඩම් සම්බන්ධයෙන් මෙවැනි ගැටලු තිබිය හැකිය.

(iii) සින්නක්කර ඉඩම් සඳහා ඔප්පු නොමැතිව ජීවත්වන පවුල්/පුද්ගලයන් සම්බන්ධව තොරතුරු මෙම අමාත්‍යාංශ විෂය පථයට අදාළ නොවේ. රජයේ ඉඩම් බලපත්‍ර නොමැතිව භුක්ති විඳින පුද්ගල සංඛ්‍යාව 15,870ක් (පහළොස්දහස් අටසිය හැත්තෑවක්) පමණ වේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks