පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
554/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කෘෂි ගොවිපොළ විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබන බව දන්නේද;
(ii) එක් එක් දිස්ත්‍රික්කයේ තිබෙන කෘෂි ගොවිපොළ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ගොවිපොළවල සේවය කරන මුළු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත එක් එක් ගොවිපොළ පිහිටා තිබෙන ප්‍රදේශය සහ භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ගොවිපොළවල් අතරින් උතුරු පළාත් සභාව වෙත භාර දිය යුතු ගොවිපළවල් මේ දක්වා භාර නොදීමට හේතු කවරේද;
(ii) එම ගොවිපොළවල් උතුරු පළාත් සභාවට භාර දෙනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
අ) (i) ඔව්.
(ii) දිස්ත්‍රික්කය ගොවිපළ සංඛ්‍යාව
කිලිනොච්චිය 14
මුලතිව් 09
වවුනියා 22
මන්නාරම 01
(ආ) (i) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ගොවිපළවල් ලෙස යොදාගෙන ඇත්තේ යුද්ධ සමයේ එල්ටීටීඊ කණ්ඩායම් රැඳී සිටි ඉඩම් සහ රජයට අයත් ඉඩම් වේ.
පාසල් යන දරුවන් සිටින වැන්දඹු කාන්තාවන් හා එල්‍ටීටීඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදවා ඇති පුද්ගලයන් එකී ගොවිපළවල්වල රාජකාරි කරනු ලබයි.
මෙම ගොවිපළවල්වල සිදු කරනු ලබන වගා කිරීමේ කටයුතු අත්හිටුවන ලදහොත් ඔවුන්ගේ රැකියා අහිමි වීමෙන් නොයෙකුත් සමාජයීය හා ආර්ථික ගැටලු මතු විය හැකිය.
(ii) එම ගොවිපොළවල් උතුරු පළාත් සභාවට භාර දීමට දිනයක් තීරණය කර නොමැත.
(ඇ) (ආ) (i) හි හේතු දක්වා ඇත.
පිළිතුරු දුන් දිනය
2019-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks