01

E   |     |  

 දිනය: 2019-03-29   පිළිතුර ලබා දී ඇත 

0493/2019: මහනුවර දිස්ත්‍රික්කයේ බස් නැවතුම්පොළ : සංවර්ධනය

493/’19

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මහනුවර දිස්ත්‍රික්කයේ ඇති බස් නැවතුම්පොළ සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

           (iii)      යහපාලන රජය බලයට පත්වූ දින සිට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදවා සංවර්ධනය කරනු ලැබූ බස් නැවැතුම්පොළ සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

(iv) සෙසු බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-29

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ප්‍රධාන බස් නැවතුම්පොළවල් 34ක් පවති.

(ii) ඇමුණුම් අංක 01 මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(iii) මහනුවර දිස්ත්‍රික්කයේ බස් නැවතුම් පළවල් මෙම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදවා සංවර්ධනය කර නොමැත.

(iv) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-29

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks