පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
488/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අයකිරීම වැනි කටයුතු නියාමනය කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-15
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වර්තමානයේ ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත/ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙනි. එම නිසා මෙම පාසල් පිළිබඳව නිවැරැදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති තොරතුරු අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව 30කි.
(ii) ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත කරමි.
(iii) මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර නොමැති බැවින් ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය කිරීම වැනි කාරණා පිළිබඳ සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ප්‍රතිපාදන නොමැත. නව පනත මඟින් මේ පිළිබඳව ඉදිරි අවශ්‍ය පියවර අරගෙන ඇත.
(ආ) පෞද්ගලික පාර්ශ්වයකට පාසල් ආරම්භ කළ හැකි වන පරිදි 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තිය සංශෝධනය කරන තෙක්, ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීමට හෝ ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නෛතික බලයක් නැත.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2019-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks