පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
465/’19
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වනාතවිල්ලුව, පුබුදුගම ධීවර ගම්මානයේ සිට රෙඩ්බානා ධීවර ගම්මානය දක්වා “ඉපැරණි අම්බලම් ග්‍රාමීය මාර්ගය” නමින් මාර්ගයක් තිබෙන බවත්;
(ii) එම මාර්ගය මේ වනවිට දැඩි ලෙස අබලන්වී තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එම ධීවර ගම්මානයේ ජීවත්වන ජනතාවගේ පහසුව සඳහා එම මාර්ගය සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-27
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වන කිසිදු ඉල්ලීමක් පුත්තලම දිස්ත්‍රික් ලේකම්, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්, වයඹ පළාතේ ප්‍රධාන ලේකම් වෙත හෝ මෙම අමාත්‍යාංශය වෙත මේ දක්වා ලැබී නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks